සෞභාග්‍යා වගාවට : දකුණු පළාත් කනිෂ්ඨ අධ්‍යාපන සේවකයන් කැඳවලා !

සෞභාග්‍යා වගාවට : දකුණු පළාත් කනිෂ්ඨ අධ්‍යාපන සේවකයන් කැඳවලා !
දකුණු පළාතේ පාසල්වල අනධ්‍යන කාර්ය මණ්ඩලය නියෝජනය කරන සේවකයන් ඇඳිරි නීතිය සහ වසංගත කාලය තුළ  අනවශ්‍ය ලෙස රාජකාරියට කැඳවීම හේතුවෙන් ඔවුන්  බලවත් පීඩාවකට පත්ව ඇති බව වාර්තා වෙයි.
 
වාර්තා වන ආකාරයට මෙම කැඳවීම සිදුකර ඇත්තේ දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ගේ නියෝගය මත ය.
 
ඒ අනුව දකුණු  පළාත් අධ්‍යාපන ඉඩම් හා ඉඩම් සංවර්ධන , මහා මාර්ග හා ප්‍රවෘත්ති අමාත්‍යංශයේ ලේකම් වෙනුවට ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රනිල් වික්‍රමසේකර විසින් සියලු අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත මීට අදාළ දැනුම් දීම සිදු කර ඇත.
 
එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ රසායනාගාර, පුස්තකාල සේවය නියුතු කනිෂ්ට කාර්ය මණ්ඩලයේ සේවක සේවිකාවන් සතියට දින දෙකක්වත් පාසල කැඳවන ලෙස විදුහල්පතිවරුන්ට දැනුම්දීමය.
 
එසේ ම අදාල සේවකයින් සෞභාග්‍යා ගෙවතු වගා වැඩසටහනේ රාජකාරි සඳහා  යොමු කරන ලෙස ද සඳහන් කර ඇත.
 
දකුණු පළාත්  කනිෂ්ඨ අධ්‍යාපන සේවකයින් සඳහා නිසි හැඳුනුම් පතක් වත් නිකුත් කර නොමැති බවත් නිතර ඇඳිරි නීතිය පවා පැන වෙන, සමාජ දුරස්ථභාවය තබාගන්නා ලෙස සෞඛ්‍ය බලධාරීන් විසින් දිගින් දිගට ම උපදෙස් නිකුත් කරන පසුබිමක රාජකාරි වැඩ නොමැතිව  සිදුකර ඇති මේ  කැඳවීම බලවත් පීඩාවක් බවත්  ඔවුන් පවසයි.
 
මේ සම්බන්ධව  අධ්‍යාපන ඉඩම් හා ඉඩම් සංවර්ධන මහාමාර්ග හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ  ජේෂ්ඨ  සහකාර ලේකම් විසින් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත යොමුකළ  ලිපිය පහත දැක්වේ.

IMG 20200425 132918

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න