Language Switcher

V2025

අවසන් රෝගීන් 100 දින 3ක් තුළ : අවධානම් කලාප ඇඳිරි නීතිය 27 ඉවතට !

පළමු කොවිඩ් 19 ආසාදිත රෝගීන්  100 වාර්තා වීමට දින 54ක් ගත වූ අතර දෙවැනි ආසාදිතයන් 100 වාර්තා වීමට ගතවූයේ දින 19ක් තුන්වන ආසාදිතයන් 100 දින 8ක් තුළ වාර්තා වීම සහ අවසන් ආසාදිතයින් 100 දින 3ක් තුළ වාර්තා වීම සම්බන්ධව මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී ඇත.
 
සෞඛ්‍ය අංශ බලධාරීන් දිගින් දිගටම ජනතාව දැනුවත්  කරමින් සිටින්නේ කොවිඩ් 19 වෛරසය මර්දනය කිරීමට  නිශ්චිත ඖෂධයක් සොයා ගෙන නොමැති බැවින් රෝග ව්‍යාප්ත වීම පාලනය කරගත හැකි සමාජ දුරස්ථ භාවය සහ පෞද්ගලික සෞඛ්‍ය පිළිවෙත් ලබා දී ඇති උපදෙස් අනුව කටයුතු කරන ලෙසය.
 
රජයක් ලෙස ගත හැකි සියලූ ක්‍රියාමාර්ග ගත්තා - සෞඛ්‍ය අමාත්‍යවරිය 
pavithra wanniarachchi 1000px
 
මේ අතර ඊයේ (24) මාධ්‍ය වෙත අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරිය වන පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කර සිටියේ කොවිඩ් වසංගතය මැඩීමට  රජයක් ලෙස ගැනීමට තිබූ සියලු සියලු ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇති බව ය.
 
PCR පරීක්ෂණ ප්‍රමාණය වැඩි කිරීම, නිරෝධායන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම , හා ප්‍රතිකාර කරන රෝහල් සහ ඒ ආශ්‍රිත කටයුතු වැඩි දියුණු කිරීම ආදී ලෙස පියවර රැසක් රජය විසින් ගනු ලැබූ බව ද ඇය පවසයි.
 
මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරිය මූලික ව චෝදනා කර සිටියේ ජනතාව වගකීම් විරහිතව කටයුතු කළ බවට ය.එහිදී ඇය කොළඹ  දී ඇය කොළඹ 12 බණ්ඩාරනායක මාවත  නිදර්ශනය ට ගනිමින් අදහස් දැක්වූවාය.
 
කොවිඩ්  වසංගතය  මාස හතරක් තුළ ලෝකයේ මිලියන ගණනක් රෝගීන් බවට පත් කළ සහ ලක්ෂ ගණනක් ජනතාව මිය ගිය වසංගතයක් බැවින් රජය උත්සාහ දරන්නේ එම තත්ත්වය වළක්වා ගැනීමට බව ද  සෞඛ්‍ය අමාත්‍යවරිය පැවසුවාය.
 
අවදානම් කලාපයේ ඇඳිරිනීතියත් 27 ඉවතට !
 
මේ අතර ඊයේ පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ කොළඹ ගම්පහ කළුතර පුත්තලම යන දිස්ත්‍රික්ක වල මෙන් ම කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල පොලිස් බල ප්‍රදේශය , මහනුවර දිස්ත්‍රික්කයේ අලවතුගොඩ පොලිස් බල ප්‍රදේශය, අම්පාර දිස්ත්‍රික්කය දිස්ත්‍රික්කයේ  අක්කරෙයිපත්තුව  පොලිස් බල ප්‍රදේශය යන මෙතෙක් දිවයිනේ අනෙක් ප්‍රදේශ වලින් හුදෙකලා කර තැබූ ප්‍රදේශවලට පනවා ඇති ඇඳිරිනීතිය 27 වනදා පෙරවරු 05.00 ට ඉවත් කරන බව ය.
 
සෙසු ප්‍රදේශ වල 24 වන දා රාත්‍රී 8.00 ට පනවනු ලැබූ ඇඳිරිනීතිය 27 වනදා පෙරවරු 5.00 ට ඉවත් කරන බවත් එම නිවේදනය සඳහන් කර ඇත.
 
එසේම එවැනි දුරටත් දක්වා ඇත්තේ කොළඹ, ගම්පහ ,කළුතර ,  පුත්තලම යන දිස්ත්‍රික්ක වලින් පිටවීම සහ ඇතුල් වීම තහනම් කර ඇති බවය.
 
පොලිස්  මාධ්‍ය කොට්ඨාස නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

IMG 20200425 WA0021