තැපැල් ඡන්ද අයදුම්පත්‍ර නිකුතුව පවා අවධානම් නේද ? මැකොසට ලිපියක් !

තැපැල් ඡන්ද අයදුම්පත්‍ර නිකුතුව පවා අවධානම් නේද ? මැකොසට ලිපියක් !
තැපැල් ඡන්ද අයදුම්පත් ලබාදීම යනු යම් යම් ලේඛන අතින් අතට ගොස් හුවමාරු වී නිරීක්‍ෂණයකින් පසු භාරගන්නා ක‍්‍රමවේදයකින් යුක්ත වන්නක් බැවින් තැපැල් ඡන්ද අයදුම්පත් ලබාගැනීමේ ක‍්‍රමවේදය පිළිබඳව යළි සලකා බලන ලෙස ජාතික වෘත්තිය වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩි. ලාල්කාන්ත මැතිවරණ කොමිසමේ සභාපති වෙත දන්වයි.
 
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ අද 25) මැතිවරණ  කොමිසමේ සභාපති වෙත ලිපියක් යොමු කරමිනි.
 
වෛද්‍ය විශේෂඥයින්ගේ උපදේශය වී ඇත්තේ මෙවැනි කටයුතු ඉතාමත් සෞඛ්‍යාරක්‍ෂිත ක‍්‍රම අනුමනය කරමින් සිදු කළ යුතු බව යන්නත් එහිදී ඔහු සිහිපත් කර ඇති අතර බස්නාහිර පළාතේ සහ තවත් ප‍්‍රදේශ ගණනාවක ඇඳිරිනීති තත්වය ඉවත් කර නොතිබීම ,  එවැනි තත්වයක් තුල තැපැල් ඡන්ද අයදුම්පත් සකස් කර යැවීම නියමිත වෙලාවට දුෂ්කර වීම  වැනි කරුණු කිහිපයක් ගැනත් මැතිවරණ කොමිසමේ සභාපති  මහින්ද දේශප්‍රිය ගේ අවධානය යොමු කිරීමට අදාල ලිපියන් ඔහු කටයුතු කර ඇත.
 
ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ ඩී ලාල් කාන්ත මැතිවරණ කොමිසමේ සභාපතිට යැවූ ලිපිය ! 
 
2020. 04. 25

සභාපති,
මහින්ද දේශප‍්‍රිය මහතා,
මැතිවරණ කොමිසන් සභාව,
රාජගිරිය.

සභාපතිතුමනි,

තැපැල් ඡන්ද අයදුම්පත් කැඳවීම සම්බන්ධවයි.

පවතින #කොරෝනා #Covid- 19 වසංගත තත්වය පාර්ලිමේන්තු මැතිවරණය ජූනි 20 තෙක් කල් දමා ඇති බවට පසුගියදා ඔබ කොමිසන් සභාව මගින් ප‍්‍රසිද්ධ කරන ලදී. ඒ අනුව එම දින මැතිවරණය පවත්වෙන්නේ නම් තැපැල් ඡන්ද අයදුම් පත් ලබාදීම අපේ‍්‍රල් 28 දිනට ප‍්‍රථමව සිදු කළ යුතුය යන්නද නිවේදනය කර තිබුණි.

මේ වන විට රට තුල රෝග ව්‍යාප්තියේද යම් වර්ධනයක් සිදු වන බවක් දිනෙන් දින ලැබෙන තොරතුරුවලින් අප මෙන්ම ඔබටද පැහැදිලිවන කරුණකි. පවතින තත්වය තුල තවමත් බස්නාහිර පළාතේ සහ තවත් ප‍්‍රදේශ ගණනාවක ඇඳිරිනීති තත්වය ඉවත් කර නොමැත. එමෙන්ම එවැනි තත්වයක් තුල තැපැල් ඡන්ද අයදුම්පත් සකස් කර යැවීම ඉතා දුෂ්කර කටයුත්තක් බව ඔබහට පෙනී යනු ඇත. එසේම තැපැල් ඡන්ද අයදුම්පත් ලබාදීම යනු යම් යම් ලේඛන අතින් අතට ගොස් හුවමාරු වී නිරීක්‍ෂණයකින් පසු භාරගන්නා ක‍්‍රමවේදයකින් යුක්තය. පවතින තත්වය තුල වෛද්‍ය විශේෂඥයින්ගේ උපදේශය වී ඇත්තේ මෙවැනි කටයුතු ඉතාමත් සෞඛ්‍යාරක්‍ෂිත ක‍්‍රම අනුමනය කරමින් සිදු කළ යුතු බවය.  

මෙවැනි වටපිටාවක් තුල අයදුම්කරුවන් යම් අවදානමක් දරාගනිමින් තැපැල් ඡන්ද අයදුම් පත් අපේ‍්‍රල් 28 ට පෙර ලබාදෙනු ඇතැයි අප නොසිතමු. ඒ සඳහා ඔවුන් හට යම් සාධාරණ කාලයක් ලබාදීම සිදු කළ යුතුයැයි අපගේ පිළිගැනීමයි. එසේම තැපැල් ඡන්ද අයදුම් කිරීම උපරිම සෞඛ්‍යාරක්‍ෂිත ක‍්‍රම අනුගමනය කරමින් සිදු කළ යුතුව ඇත. එබැවින් මෙම කරුණු සැලකිල්ලට ගනිමින් තැපැල් ඡන්ද අයදුම්පත් ලබාගැනීමේ ක‍්‍රමවේදය පිළිබඳව යළි සලකා බලන ලෙස අප ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු.

ස්තුතියි.
 
මීට විශ්වාසී,
කේ. ඩී. ලාල්කාන්ත
සභාපති
ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය. (Ntuc)
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න