මැයි 04 ආරාධනය : එජාප TNA යන්න සූදානම් - සමගි වැට උඩ

මැයි 04 ආරාධනය : එජාප TNA යන්න සූදානම් - සමගි වැට උඩ

මැයි  4 වනදාට පසුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සියලු දෙනාට අරලියගහ මන්දිරයට පැමිණෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කර ඇති ආරාධනය  එක්සත් ජාතික පක්ෂය සහ ද්‍රවිඩ ජාතික සන්ධානය  පිළිගෙන ඇති  බව වාර්තා වෙයි.

 දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ඒ අනූව එජාප සහ ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් අදාළ සාකච්ඡාව සඳහා යනු ඇත.
 
ලෝක වසංගත තත්ත්වයක් බවට පත්ව ඇති කෝවිඞ් – 19 වෛරසය ලංකාවට බලපා ඇති ආකාරය සහ වෛරසය මර්දනය කර ජන ජිවිතය යථා තත්ත්වයට පත්කිරීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැනුම්දීම ඇතුළු රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙම රැස්වීම පැවැත්වෙන බව අරලියගහ මන්දිර ආරංචි මාර්ග පවසයි.
 
මේ අතර එජාපයෙන් බිඳීගොස් පිහිටවූ සමගි ජන බලවේගය එම සාකච්ඡාව සඳහා සහභාගි වීම හෝ නොවීම ගැන තීන්දුවක් ගෙන නොමැති බවත් වාර්තා වෙයි.
 
මේ සම්බන්ධව එම පාර්ශවයේ සාකච්ඡාවක් පවතින බවත් ඉන් අනතුරුව තීරණයක් ගන්නා බව එහි ආරංචි මාර්ග සඳහන් කර සිටියි.
 
කෙසේවුවද ජනතා විමුක්ති පෙරමුණ මේ වන විට අදාළ සාකච්ඡාව සඳහා සහභාගි නොවන බව සඳහන් කර ලිඛිත දැනුම්දීමක් සිදුකර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න