Image

ජයදේව උයන්ගොඩ ගේ 'මම් කෙසේ පවසම්' 18වන දා ජනගත කෙරේ

ජයදේව උයන්ගොඩ ගේ 'මම් කෙසේ පවසම්' 18වන දා ජනගත කෙරේ

මහාචාර්ය ජයදේව උයන්ගොඩ 71 කැරැල්ලට සම්බන්ධ වීම හේතුවෙන් සිරගතව සිටිද්දී (1973 - 76) සිපිරි ගෙදර සිට ලියූ කාව්‍ය එකතුව එළඹෙන 18වන දින සවස 04.00ට බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන කේන්ද්‍රයේ ඔලිම්පස් ශ්‍රවණාගාරයේ දී ජනගත කෙරේ.

පාඨක ප්‍රජාව පිළිගැනීමේ කතාව ගාමිණී වියන්ගොඩ විසින් පවත්වනු ලබන අතර කවි එකතුව හඳුන්වා දීම සිදු කරනු ලබන්නේ මහාචාර්ය සරත් විජේසූරිය විසිනි.

අනතුරුව 'සිරකරු විලාපයේ ආත්මාපදානය, කාව්‍යාලංකාරය සහ දේශපාලනය' යන මැයෙන් වූ සංවාදය පැවැත් වෙන්නේ මහාචාර්ය ජයදේව උයන්ගොඩ සහ ආචාරය සසංක පෙරේරා අතර ය.

මේ සඳහා සහභාගි වන්නැයි ඔබ සැමට සුහද ආරාධනා...!

WhatsApp Image 2026 06 16 at 5.21.24 AM

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න