මුලතිව්හි නිරෝධායන මධ්‍යස්ථානයක සිදුවූ මරණ දෙක කොවිඩ් නිසා නෙවෙයි : රජය කියයි !

මුලතිව්හි නිරෝධායන මධ්‍යස්ථානයක සිදුවූ මරණ දෙක කොවිඩ් නිසා නෙවෙයි : රජය කියයි !

මුලතිව්හි නිරෝධායන මධ්‍යස්ථානයක ඊයේ (01)  වයස්ගත පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇති අතර ඒ මරණ  සමාන්‍ය හේතුන්නිසා සිදු වී ඇති බව වෛද්‍ය පරීක්ෂණවලින් වැඩිදුරටත් තහවුරු වී ඇතැයි රජය පවසයි.

මුලතිව්  හි පිහිටි ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටිය එම පුද්ගලයින් දෙදෙනා විවිධ රෝග වලින් පෙලී සිට ඇති බවත් ගුවන් හමුදා වෛද්‍යවරුන් ද ඔවුන්ට ප්‍රතිකාර ලබාදීම අවස්ථා කිහිපයකදීම සිදුකළ බවත් යුධ හමුදාපති ලුතිනන්නරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.

වයස්ගතවීම නිසා ඇතිව තිබු සාමාන්‍ය අසනීප තත්ත්වයන් හේතුවෙන් මෙම පුද්ගලයින් දෙදෙනා මියගොස් ඇති බවට වෛද්‍ය පරීක්ෂණ වලදී අනාවරණය වූ බව යුධ හමුදාපතිවරයා සඳහන් කරයි.

ගුණසිංහපුර බස් නැවතුම්පොළෙහි දින දෙකක් රඳවා තබා ගෙන නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන ගිය පුද්ගලයන් දෙදෙනෙකු මරණයට පත්වී ඇති බව ඊයේ දිනයේ මාධ්‍ය වාර්තාවල සඳහන් විය.

මුලතිව් ප්‍රදේශයේ ගුවන් හමුදාව පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයක සිටි පුද්ගලයන් දෙදෙනා ඊයේ (මැයි 01)  දින ජීවිතක්ෂයට පත්වී ඇති අතර ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහ සඳහන් කලේ ඊයේ  උදෑසන සහ පස්වරුවේ මෙම පුද්ගලයින් දෙදෙනා ජිවිතක්ෂයට පත්වූ බවත් ඔවුන්ගේ දේහයන් මුල්ලියාවේලි රෝහලේ තැම්පත් කර ඇති බවත් ය.

පුද්ගලයන් දෙදෙනා නිරෝධායන කඳවුරට ලබා දී ඇති විස්තර අනුව ඔවුන්ගේ වසය අවුරුදු 80 කට වැඩි බවත් ශරීරය දුර්වල වීම නිසා මුල්ලියාවෙලි දිස්ත්‍රීක් රෝහලට ඇතුලත් කර ඇති බවත් එහිදී මරණයට පත්වී ඇති බවත් ඔහු කීය.

කොළඹ කොටුව ගුණසිංහපුර බස් නැවතුම්පොළේ රඳවාගෙන සිටි යාචකයන්, පදික වෙළෙන්දන් ඇතුළු ස්ථීර පදිංචියක් නැති පුද්ගලයන් පිරිසක් අප්‍රේල් 14 ත් 16 යන දිනවලදී ගුවන් හමුදාව මුලතිව් ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයට ගෙන යනු ලැබීය.

මෙලෙස මරණයට පත්ව ඇති පුද්ගලයින් දෙදෙනා ගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට අවශ්‍ය කරනු ලබන කිසිදු ලියැවිල්ලක් ඔවුන් සතුව නොමැති බවත් නිරෝධායන කඳවුරු තුලට ඇතුලත් කිරීමේදී ලබාදුන් තොරතුරු පමණක් ගුවන් හමුදාව සතුව ඇති බවත් ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කර සිටියේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න