චීනයේ වුහාන් නගරයෙන් ආරම්භ වී ලොව පුරා රටවල් 215 ක් පුරා පැතිරෙමින් පවතින කොරෝනා වසංගතය හේතුවේන් , ලොව පුරා මිලියන 24.7 ක ජනයා රැකියා විරහිතයන් බවට පත් කරුනු ඇතැයි ලෝක කම්කරු සංවිධානය (ILO ) ඇස්තමේන්තු කර තිබේ.
එසේම කොරෝනා වසංගතයට පෙර පැවැති ප්‍රමාණයට වඩා මිලියන 35 ක ජනතාවක් දරිද්‍රතාවයට පත් කරණු ඇතැයි ද ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙයි.
මෙම තත්ත්වය ගෝලීය විරැකියාවේ නරකම හා ඉහළම අවධිය ලෙස සලකන බව එක්සත් ජාතීන්ගේ කම්කරු ඒජන්සිය පවසයි.
වර්ෂ 2008 සහ 2009 අතර පැවැති ගෝලීය මූල්‍ය අරබුදය තුළ ලොව පුරා රැකියා මිලියන 22 ක් පමණ අහිමි වී තිබේ.
ලෝක කම්කරු සංවිධානය ,කොරෝනා වසංගතයෙන් සිදුවන රැකියා අහිමිවීම් ගණනය කර ඇත්තේ, 2019 වසරේ පැවැති මිලියන 188 ක රැකියා විරහිත ජනතාවගේ මූලික මට්ටම පදනම් කරගෙනයි.
මෙම ඇස්තමේන්තු අතිශයින්ම අවිනිශ්චිත වුවද , කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් විරැකියාව්‍ෙ සැලකිය යුතු වැඩිවීමක් සිදුවන බවට ලෝක කම්කරු සංවිධානය අනතුරු අඟවයි.
කොරෝනා වෛරසය ලොව පුරා පුපුරා යෑමෙන්, පුරවැසියන්ගේ සංචරණය සීමා කිරීමට රාජ්‍යයන්ට බලකෙරී ඇති අතර, විවිධ අවස්ථාවලදී වසා දැමීම බලාත්මක කිරීම නිසා ගෝලීය ආර්ථික ක්‍රියාකාරකම් , විශේෂයෙන් නිෂ්පාදන හා සේවා අංශවල පහත වැටීමක් සිදු වී තිබේ.
ලෝක කම්කරු සංවිධානයට අනුව වර්ෂ 2020 මුල් මාස දෙක තුළ පමණක් චීනයේ කාර්මික ව්‍යවසායන් හී සමස්ත එකතු කළ අගය13.5% න් පහත වැටී ඇත.
විරැකියාව නිසා පොදුවේ ලෝකයේ කම්කරුවන්ට අහිමිවන මුදල් ප්‍රමාණය ඩොලර් බිලියන 860 ත් ඩොලර් ට්‍රිලියන 3.4 ත් අතර ප්‍රමාණයක් යැයි ගණන් බලා ඇත.
ආර්ථික ක්‍රියාකාරකම් පහත වැටීම හේතුවෙන් ආදායම් මත ඇතිවන පීඩනය , දරිද්‍රතා රේඛාවට ආසන්න හෝ ඊට පහළින් හෝ සිටින කම්කරුවන් සියල්ලෝම විනාශ කරනු ඇතැයි ලෝක කම්කරු සංවිධානය පවසයි.
කිරීටක වෛරසය පුපුරා යෑමෙන් තවදුරටත් ගෝලීය සෞඛ්‍ය අර්බුදයක් පමණක් නොව , ප්‍රධාන ශ්‍රම වෙළෙඳ පොලේ සහ ආර්ථිකයේ අර්බුදයක් ද ඇති කර ඇති බව ලෝක කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ගයි රයිඩර් පවසයි.
2008 වසරේ දි ඇති වූ ගෝලීය මූල්‍ය අර්බුදයේ දී ,එහි ප්‍රති විපාක විසඳිම සඳහා එක්සත් පෙරමුණක් ඇති කළ අතර, එයින් නරකම දේ වලක්වා ගත්තා සේම, මේ අවස්ථාවේදී ද එබඳුම නායකත්වයක් අවශ්‍යවන අතරම එමඟින් මෙය විසඳාගත හැකි වෙනු ඇතැයි රයිඩර් විශ්වාසය පළකර සිටි.
ගෝලීය ආර්ථිකයට ආධාර කිරීම සහ උත්තේජන සැපයීම සඳහා වන හදිසි පියවරවල කොටසක් ලෙස ලොව පුරා මහ බැංකු පොලී අනුපාත පහළ හෙළමින් පවතී.
ඒසේම මෙම අර්බුදයෙන් බලපෑමට ලක්වී සිටින කම්කරුවන්ට හා ව්‍යාපාරවලට ඉන් මිදීම සඳහා රජයන් විසින් මූල්‍ය උපකාර ක්‍රම හඳුන්වා දෙමින් සිටි.
කොරෝනා වෛරස වසංගතය හේතුවෙන් සිදු කරණු ලැබූ වසා දැමීම් නිසා ඇතිවන ආර්ථික පසුබෑම සමඟ සාර්ථකව කටයුතු කිරීම සඳහාරටේ ව්‍යාපාර සහ ස්වයං රැකියාලාභීන් සඳහා ලබා දෙන මූල්‍ය ආධාර පුළුල් කොට තිබේ.
මාර්තු 17 වන දින සිට ආරම්භ කැරුණු වසාදැමීම් හේතුවෙන් , අදාල ක්ෂේත්‍රයේ පිරිස් නිවෙස් තුළ රැඳී සිටීමට උපකාර කිරීම සඳහා ප්‍රංශ රජය සැලසුමක් සකස් කර තිබේනවා. ඒම හදිසි සැලසුමේ කොටසක් ලෙස යුරෝ බිලියන 110 ක් මුදලක් වෙන්කරනු ලැබ ඇත.
" අර්ධ විරැකියාව " යන යෝජණා ක්‍රමය යටතට ගැනෙන , මිලියන 9 කට වඩා වැඩි ප්‍රංශ කම්කරුවන් සඳහා ප්‍රතිලාභ ලබා දීමට මෙම මුදලින් විශාල කොටසක් යොදවයි.
එහෙත් රටේ ස්වාධීන ශ්‍රම බලකායට ආධාර කිරීම සඳහා වෙන්කර ඇති මුදල සැලකිය යුතු ලෙස වැඩිකර තිබෙන අතර, එය මේ වන විට යුරෝ බිලියන 7 ඉක්මවා ඇත.
සෙසු ව්‍යාපාරවලට වඩා වැඩි කලක් වසා දැමීමට ලක්වී තිබෙන , එළැඹෙන මැයි 11 වැනිදායින් පසුවත් වසා තැබීමෙන් දැඩි පීඩාවට පත්වන ,හෝටල්, ආපනශාලා සහ උත්සව ශාලා වැනි ව්‍යාපාරවල රැකියාවේ නියුතු කම්කරුවන්ට හා වෙනත් එවැනිම කණ්ඩායම් වලට උපකාර කිරීම මෙම අරමුදලෙන් සිදු කරනු ලබයි.
ප්‍රංශය මේ සඳහා සහන පැකේජ දෙකක් හඳුන්වා දී තිබේ.
ක්ෂුද්‍ර ව්‍යවසායකයින්, යැපෙන්නන් හෝ කුඩා ව්‍යාපාර හිමිකරුවන් යන කණ්ඩායම් වලට අයත්ස්වයං රැකියාලාභීන්ට ගෙවන මූල්‍ය වන්දිය යුරෝ 1500 ක සීමාවක පවතී.
මෙම උපකාරය ලබා ගැනීම පහසු වන අතර, එම මුදල රජය විසින් සෘජුවම ලබා දෙයි.
දෙවන පැකේජය යුරෝ 2, 000 සිට යුරෝ 10, 000 දක්වා පරාසයක පවතින අතර, මෙය ලබා ගැනීමට සුදුසුකම් ඇත්තේ බොහෝ දුස්කරතාවයන්ට මුහුණපෑ ව්‍යාපාරවලට පමණි.
මෙම උපකාරය ලබා ගැනීමට හිමිකම් ඇත්තේ ස්වයං රැකියාවේ නියැලෙන කිහිප දෙනෙකු සහ නියමිත වැටුප් ගෙවනු ලබන අවම වශයෙන් එක් සේවකයෙකුවත් සිටින ව්‍යාපාරයි.
එසේම එම ව්‍යාපාර දින 30 ක් ණය ගෙවා ගැනීමට නොහැකිවී තිබිය යුතුවා මෙන්ම, බැංකු ණය ඉල්ලා ප්‍රතික්ෂේප කර තිබිය යුතු ද වෙනවා.
එසේම මෙම පැකේජය ඔවුන් විසින් ඉල්ලුම් කළ යුත්තේ තමන්ගේ ව්‍යාපාරය පවත්වාගෙන යන ප්‍රදේශයේ ප්‍රාදේශීය අධිකාරියෙනි.
අතිරේක ආදායම් ඇති ව්‍යාපාර, කොටස් හිමියන්ට ලාභාංශ ගෙවන ව්‍යාපාර, මේ වසරේ පෙබරවාරි 01 වැනිදායින් පසුව ආරම්භ කළ ව්‍යාපාර යන ව්‍යාපාරවලට මෙම උපකාර පැකේජයට හිමිකම් කීමට නොහැකියි.
එසේම විශ්‍රාම වැටුප් ප්‍රතිලාභීන්ට මෙන්ම මේ වසරේ මාර්තු මාසයේදී යුරෝ 800 ට වඩා සමාජා අරක්ෂණ ආධාර ලබාගත් අයට ද මෙම උපකාරය ඉල්ලා සිටීමට නොහැකියි.
මේ අතර ස්වයං රැකියාවල නියතුව සිටි අයගේ ස්ථාන කුලී, ගෑස් හා විදුලි බිල්පත් සඳහා ගෙවීම් අත්හිටුවා ඇත.
කෙසේ වෙතත්, කොරෝනා වසංගතය හේතුවෙන් ගෝලීය ආර්ථිකය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් එල්ල කර තිබෙනවා. එම බලපෑමෙන් වර්තමානය වන විට ගෝලීය ආර්ථික වර්ධනය මසකට 2.0% ක අගයකට සීමා කර තිබේ.
ගෝලීය වෙළඳාම 13% සිට 32% දක්වා පහත හෙළා ඇති අතර, මෙම ප්‍රමාණයන් තවමත් සම්පූර්ණයෙන් ගණනය කර නොමැති බව ලෝක කම්කරු සංවිධානය පවසයි.
සුනිල් ගාමිණී ( ප්‍රංශ ජනමාධ්‍ය ඇසුරෙනි )

