සාකච්ඡාවක් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 224 ට අගමැති මහින්ද රාජපක්ෂ විසින් සිදුකර තිබූ කැඳවීම වර්ජනය කිරීමට එක්සත් ජාතික පක්ෂය ද තීරණය කර ඇත.
අද (03) පස්වරු 1.00 ට පමණ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ පක්ෂයේ ජේෂ්ඨයන් විසින් පැවැත් වූ සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගෙන ඇත.
වාර්තා වන ආකාරයට මෙම තීන්දුව ගැනීමට ආසන්නතම හේතුව වී ඇත්තේ අගමැති මහින්ද රාජපක්ෂ විසින් මීට පෙර පැවති පාර්ලිමේන්තු ද නියෝජනය කළ විශ්‍රාමික මන්ත්‍රීවරුන් සියයකට ආසන්න පිරිසකටත් අදාළ සාකච්ඡාව සඳහා ආරාධනා කර තිබීම ය.
මේ සම්බන්ධව එජාප තීරණය වී ඇත්තේ අදාළ සාකච්ඡාව කොහෙත්ම කොවිඩ් වසංගතය මර්දන ක්‍රියාවලිය සඳහා ඵලදායි නොවන බව ය. එසේ ම විශ්‍රාම එක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කැඳවීම පසු පස ආණ්ඩුවේ වෙනත් දේශපාලන උපාය මාර්ගයක් ක්‍රියාවට නැගීමක් විය හැකි බවත්එජාප ඇතැමුන්ගේ මතය වී තිබේ.
එබැවින් එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරන කිසිවෙකු මේ තේරුමක් නැති ඒ අවස්ථාවට සහභාගි නොවන බව පැවසේ.

