මාධ්‍ය මර්දනය ඇරඹේ : 5000 බෙදීමේ මගඩි ලිව්වාට මරණ තර්ජන !

මාධ්‍ය මර්දනය ඇරඹේ : 5000 බෙදීමේ මගඩි ලිව්වාට මරණ තර්ජන !
තමිල් මිරර්' පුවත්පතේ හැටන් ප්‍රාදේශීය මාධ්‍යවේදී එස්. සතීෂ් කුමාර්ට මරණ තර්ජනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැත.
 
වසංගත තත්වය යටතේ ආණ්ඩුවෙන් ලබාදෙන රුපියල් 5,000 සහනාධාරය බෙදීමේ අවිධිමත්භාවය පිළිබදව මෙම මාධ්‍යවේදියා විසින් අනාවරණය කර ඇති අතර, එය පසුගිය 06 දා 'තමිල් මිරර්' පුවත්පතේ පළ වී ඇත.
 
 අනතුරුව 06 වැනිදා රාත්‍රී 11.20ට පමණ නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපති රවී කුලන්දවේල් මෙම මාධ්‍යවේදියාට  දුරකතනයෙන් කතා කොට මරණ තර්ජන කර තිබේ.
 
මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇති බව බගවන්තලාව පොලිසියේ නිලධාරියෙක් තහවුරු කළේය. වැඩිදුරටත් විමසීමේදී ඔහු සදහන් කළේ මෙතෙක් ඊට අදාළ ව කිසිවෙකු අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති බවයි.
 
පොලිසිය හිතාමතාම මගහරිමින්..!
 
හිටපු ඇමති ආරුමුගම් තොණ්ඩමන් නායකත්වය දරන ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරන ප්‍රාදේශීය සභා සභාපතිවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම පොලිසිය හිතාමතාම මගහරිමින් සිටින බව වාර්තා වේ. 
 
මේ සිදුවීම සම්බන්ධයෙන් අදාළ මාධ්‍යවේදියා පැමිණිල්ල කර ඇත්තේ පසුගිය 07දා ය. එහෙත් මෙතෙක් ප්‍රාදේශීය සභා සභාපතිවරයාගෙන් ඒ පිළිබදව ප්‍රකාශයක් ලබාගැනීම කෙසේවෙතත් විමසීමක් කිරීමට හෝ පොලිසිය කටයුතු කර නැත.
 
මේ සිද්ධියට අදාළ විමර්ශන සිදු නොකරන ලෙස ආරුමුගම් තොණ්ඩමන් ප්‍රදේශය භාර ඉහළ පොලිස් නිලධාරියෙකු මගින් බගවන්තලාව පොලිස් ස්ථානයට දැනුම් දී ඇති බවත්, අදාළ ප්‍රාදේශීය සභා සභාපතිවරයා පෙරේදා (08) දිනයේ තොණ්ඩමන්ගේ පුද්ගලික ආරක්ෂකයන් දෙදෙනෙකු සමග නෝර්වුඩ් ප්‍රදේශයේ සාමාන්‍ය පරිදි කටයුතු කර ඇති බවත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කරයි.
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න