රාජ්‍ය සේවකයාගේ පඩි පත ඉල්ලු ආචාර්ය පී.බී. මැයි විශ්‍රාම වැටුපත් අරන්

රාජ්‍ය සේවකයාගේ පඩි පත ඉල්ලු ආචාර්ය පී.බී. මැයි විශ්‍රාම වැටුපත් අරන්

තමන් ආදර්ශයට ගනිමින් මෙම මස රජයේ සේවකයන්ගේ වැටුප හෝ ඉන් කොටසක් රජයට පරිත්‍යාග කරන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා පසුගියදා ජනාධිපති කාර්යාලයේ ලිපි ශීර්ෂයෙන් පෞද්ගලික ඉල්ලීමක් කර තිබුණි.

කෙසේවෙතත් ආචාර්ය ජයසුන්දර මහතා බලාපොරොත්තු වූ තරම් සුභදායක ප්‍රතිචාරයක් ඊට නොලැබුණු අතර ඊට එරෙහිව විවේචන එල්ල වීමට පටන් ගැනුණි. එය තවදුරටත් සමාජ මාධ්‍ය ජාලා තුළ ක්‍රියාත්මකය.

මේ අතර අපට දැනගන්නට ලැබුණේ වත්මන් ජනාධිපති ලේකම් ආචාර්ය ජයසුන්දර මහතා මේ වන විට මැයි මාසයට අදාළ විශ්‍රාම වැටුප ලබා ගෙන තිබෙන බවයි.

ලංකා බැංකුවේ ඔහුගේ ගිණුමට පසුගිය 03 වැනිදා එම විශ්‍රාම වැටුප බැර වී තිබෙන අතර මැයි 04 වැනිදාට ගිණුම් ගතවන ලෙසය.

වාර්තා වන පරිදි ඔහුට විශ්‍රාම වැටුප හිමිවන්නේ මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකුගේ තනතුරට අදාළවය.

ජයසුන්දර මහතා විශ්‍රාම වැටුප නොගත් බවට යම් කිසි හෝ අභියෝගයක් කරන්නේ නම් අප කියන්නේ සත්‍යයක් බවට ද කරුණු ආනාවරණය කළ හැකිය.

එම තත්ත්වය මත ආචාර්ය ජයසුන්දර මහතාට ජනාධිපති ලේකම්වරයා ලෙස මෙම මස වැටුප රජයට පරිත්‍යාග කළාට එය ඔහුට ඇඟට දැනෙන අපහසුවක් බවට අපද විශ්වාස නොකරමු.

එහෙත් අති බහුතරයක් සෙසු රාජ්‍ය සේවකයන්ටද ඔහුට මෙන් තත්ත්වයක් නොමැති බව ඇතැම් විට ජයසුන්දර මහතා නොදන්නවා විය හැකිය.

එහෙයින් අපි වැඩි යමක් කියන්නේ නැත. අප ඉල්ලා සිටින්නේ "ආචාර්ය ජයසුන්දර මහතාණෙනි කරුණාකර අහසින් පොළවට එන්න" යනුවෙන් පමණි.

LNW

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න