අපනයන අවස්ථා පුළුල් කරගන්න : සජිත් ජර්මන් තානාපති සමග සාකච්ඡාවක !

 අපනයන අවස්ථා පුළුල් කරගන්න : සජිත් ජර්මන් තානාපති සමග සාකච්ඡාවක !
හිටපු විපක්ෂ නායක, සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජර්මානු තානාපති ජෝන් රූඩර්  අතර විශේෂ හමුවක් සහ සාකච්ඡාවක් අද (10) විපක්ෂ නායක කාර්‍යාලයේ දී සිදුවිය.
 
විපක්ෂ නායක කාර්‍යාලය නිවේදනය කරන ආකාරයට ලෝකය පුරාම මේ වනවිට කොරෝනා ව්‍යසනය උග්‍රවීම හේතුවෙන් විශේෂයෙන්ම අමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජර්මනිය සහ යුරෝපා රටවලට විශාල වශයෙන් සෞඛ්‍යමය පෞද්ගලික ආරක්ෂණ මෙවලම් Personal protective equipment (PPE) වලට විශාල ඉල්ලුමක් ලැබී ඇති අතර එම අවස්‍ථාව මෙරටට ලබා ගැනීම උදෙසා සජිත් ප්‍රේමදාස  පසුගිය දා රටවල් කිහිපයකම තානාපතිවරු හරහා දුරකතන සාකච්ඡා පවත්වා ඇත.
 
 අද ජර්මානු තානාපති ජෝන් රූඩර් මහතා හමුවූයේ එහි ප්‍රතිඵලයක් ලෙසය.
 
ඒ අනුව පෞද්ගලික ආරක්ෂන මෙවලම් Personal protective equipment (PPE) වලට ඇති ඉල්ලුම මෙරට ඇගලුම්කම්හල් හරහා සපුරාලීම සදහා අවශ්‍ය තීරණාත්මක සාකච්ඡාවක් සහ පසුබිමක් සකස් වී තිබේ.
 
මෙය මෙරට ඇගලුම් ක්ශෙත්‍රය නැවත ශක්තිමත් කිරීමටත්, යුරෝපය ඇතුලු රටවලට සෞඛ්‍යමය නිෂ්පාදන අපනයනය සදහාත් සුවිශේෂී අවස්‍ථාවක්  බව විපක්ෂ නායක කාර්‍යාලය නිවේදනය කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න