සබරගමුව පළාතේ සේවක වැටුප් බලෙන්ම කපාගෙන – ලංකා ගුරු සංගමය

සබරගමුව පළාතේ සේවක වැටුප් බලෙන්ම කපාගෙන – ලංකා ගුරු සංගමය

සබරගමුව  පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව සබරගමුව පළාත් සභාව යටතේ සේවය කරන රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් කපාගන්නා බව සඳහන් කරමින්, රුපියල් මිලියනයක් කොවිඩ්-19 අරමුදලට ලබාදී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යවමින් ලංකා ගුරු සංගමය පෙන්වාදෙයි.

මැයි 08 වැනිදා සබරගමුව පළාත් සභාවේ සමාජ සේවා අරමුදලෙන් රුපියල් මිලියනයක මුදලක් කොවිඩ්-19 අරමුදලට ලබාදී ඇති බවත්, ජුනි මස සේවක වැටුපෙන් එම මුදල කපාගන්නා ලෙස උපදෙස් ලබාදී ඇති බවත් එම ලිපියෙන් පෙන්වාදී තිබේ.

මෙම ලිපිය අවලංගු කරන ලෙසත්, බලහත්කාරයෙන් වැටුප් කපාගැනීම නවත්වන ලෙසත් එම ලිපියෙන් ඉල්ලා ඇත.

රාජ්‍ය සේවකයන්ගේ කැමැත්තෙන් පමණක් වැටුප් කපාගන්නා බව ප්‍රකාශ කළද, බලහත්කාරයෙන් වැටුප් කපාගැනීම සිදුකර ඇති බව මෙම සිදුවීමෙන් පැහැදිළි වෙන බව මෙම සිදුවීම පිළිබඳව අනිද්දා වෙත අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පැවසීය.

ලංකා ගුරු සංගමයේ සම්පූර්ණ ලිපිය මෙසේය.

‘සබරගමුව පළාත් අධ්‍යාපන ලේකම් ඒ.ඩබ්.රුක්මණී ආරියරත්න මහත්මියගේ අත්සනින් 2020.04.06 දිනැතිව සබරගමුව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ සහ සබරගමුව පළාතේ සියලුම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු අමතන ලද  ලිපියක් මගින් දැනුම් දී ඇත්තේ කොරෝනා වෛරසය හේතුවෙන් ඇති වී ඇති තත්වය තුළ සහන සැලසීම සඳහා පිහිටුවා ඇති අරමුදලට දායක වීමට සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ප‍්‍රමුඛ සබරගමුව පළාත් සභාව තීරණය කර ඇති බවයි.

උක්ත ලිපියෙහි 03 ජේදයෙහි සඳහන් කර ඇත්තේ කාර්ය මණ්ඩලවල සියලූදෙනාගේ එක් දිනක වැටුප පරිත්‍යාග කිරීම මගින් පියවා ගැනීමට යටත්ව සබරගමුව පළාත් සමාජ සේවා අරමුදලින් රුපියල් මිලියන එකක මුදලක් උක්ත අරමුදලට බැරකිරීමට කටයුතු කර ඇති බවත්, ඒ අනුව සියලූම කාර්ය මණ්ඩලවල 2020 ජුනි මස වැටුපෙන් එක් දිනක වැටුප අයකරන ලෙසත්ය.

මෙය සරබගමුව පළාතේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප තම නිල බලය යොදා බලපෑම් කිරීම මගින් අය කර ගැනීමකි. සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා විසින් එම මුදල් පරිත්‍යාගය ඔබතුමා වෙත ලබාදීම පිළිබඳ 2020.05.08 දින ප‍්‍රවෘත්ති පළ විය. සබරගමුව පළාත් රාජ්‍ය සේවකයන්ගේ කැමැත්ත විමසීමකින් තොරව ආණ්ඩුකාරවරයාගේ සහ පළාත් සභාවේ තීරණය මත රුපියල් මිලියනයක් අදාළ අරමුදලට ලබා දී මේ ආකාරයෙන් රාජ්‍ය සේවකයන්ගේ ජුනි මස වැටුපෙන් එක් දිනක වැටුප් කැපීමට නියෝග කිරීම අනීතික මෙන්ම බලහත්කාරී කි‍්‍රයාවකි.

රජය ප‍්‍රකාශයට පත්කර ඇත්තේ මෙම අරමුදල් සඳහා දිනක වැටුප ලබා ගන්නේ සේවකයාගේ කැමැත්තෙන් පමණක් බවයි. මේ තත්වය තුළ සබරගමුව පළාත් රාජ්‍ය සේවකයන්ගේ ජුනි මස වැටුපෙන් දිනක වැටුප් කැපීමට නියෝග කර ඇති සබරගමුව  පළාත් අධ්‍යාපන ලේකම්වරියගේ උක්ත ලිපිය අවලංගු කරීමට කටයුතු යොදන ලෙස ඉල්ලා සිටිමු.’

Inkedreceived 2565670980317496 LI

අනිද්දා

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න