තැපැල් සේවක දිනක වැටුප අත්තනෝමතික ලෙස කපාගෙන !

 තැපැල්  සේවක දිනක වැටුප අත්තනෝමතික ලෙස කපාගෙන !
තැපැල්පති තැපැල් සේවකයන්ගේ කිසිදු එකඟතාවක් නොමැතිව සේවක   දිනයක වැටුප කපා ඇති බව ට වෘත්තීය  සමිති චෝදනා කරයි.
 
ලංකා තැපැල් සේවා සංගමය මේ සම්බන්ධව තැපැල් අමාත්‍යාංශයේ ලේකම් වෙත ලිඛිත පැමිණිල්ලක් සිදුකර ඇති අතර 2020 අප්‍රේල් මස වැටුපෙන් කපනු ලැබූ දිනක වැටුප යළි සේවකයන් ට ලබාදෙන ලෙසත් එයින් ඉල්ලා ඇත.
 
මෙම කටයුත්ත තැපැල්පති සිදුකර ඇත්තේ රජයේ චක්‍ර ලේඛයක් හෝ ගැසට් නිවේදනයක් අනුව වන විධිමත් නෛතික පටිපාටිය අනූව නොවන බවත් එය  තැපැල්පති ගේ අත්තනෝමතික තීන්දුවක් බවත් එහි සඳහන් කර තිබේ.
 
තැපැල් අමාත්‍යාංශ ලේකම් වෙත තැපැල් වෘත්තීය සමිති යොමුකළ ලිපිය පහත දැක්වෙයි.
 
IMG 20200510 WA0003
 
සබරගමු ආණ්ඩුකාරත් රාජ්‍ය සේවක වැටුප කපලා !
 
මේ අතර සබරගමුව  පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව සබරගමුව පළාත් සභාව යටතේ සේවය කරන රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් කපාගන්නා බව සඳහන් කරමින්, රුපියල් මිලියනයක් කොවිඩ්-19 අරමුදලට ලබාදී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යවමින් ලංකා ගුරු සංගමය පෙන්වාදෙයි.
 
 
පසුගියදා ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර ජනාධිපති ලේකම් කාර්‍යාල ලිපි ශීර්ෂය භාවිතා කර නිකුත්කළ ලිපියක් හරහා රාජ්‍ය සේවක වැටුප ඉල්ලා තිබිණ.
 
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න