කොරෝනා නිසා අසරණ වූ පවුල්වලට 20000ක් ගෙවන්න පුළුවන් - රවී

කොරෝනා නිසා අසරණ වූ පවුල්වලට 20000ක් ගෙවන්න පුළුවන් - රවී
කොරෝනාවෙන් අසරණවූ පවුල් සදහා රුපියල් 5000ක් නොව 20,000ක් ගෙවිය හැකි බව එජාප උප නායක , හිටපු අමාත්‍ය රවී කරුණානායක ප්‍රකාශ කරයි . 
 
ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර විසින්   රාජ්‍ය සේවකයන් වෙත ඔවුනගේ මාසික වැටුප හෝ වැටුපෙන් යම් ප්‍රමාණයක් ආපසු රජයට පරිත්‍යාග කරන ලෙස කර ඇති ඉල්ලීමෙන්ම රජය මුහුණදී සිටින ආර්ථික අහේනිය මනාව පැහැදිලි වන බවත්, මෙයට ප්‍රධානතම හේතුව රජයේ අයහපත් ආර්ථික කළමනාකරණය බවත් එකසත් ජාතික පක්ෂ උපනායක හිටපු අමාත්‍ය රවී කරුනායක ප්‍රකාශ කළේය. 
 
ඔහු  මේ බව ප්‍රකාශ කලේ පසුගියදා  සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය. 
 
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එජාප උප නායක   කරුණානායක  ප්‍රකාශ කලේ තමන් මුදල් අමාත්‍යවරයා වශයෙන් කොතරම් අපහසුතා මධ්‍යයේ වුවත් රනිල් වික්‍රමසිංහ රජයේ පළමු දින 100 තුලදී රාජ්‍ය සේවකයන්ට රුපියල් දස දහසක වැටුප් වර්ධකයක් ලබාදුන් අතරම, මහපොළ දීමනාව ඇතුළු බොහෝ සහනාධාර දීමනාවන්ද සැහෙන ප්‍රමාණයකින් ඉහල දැමීමට කටයුතු කළ බවයි. 
 
මෙයට අමතරව ඉන්ධන මිළ ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවාවන් රැසකගේ මිල ගණන්ද සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුකිරීමට තමා කටයුතු කල ආකාරයද හිටපු අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළේය . 
 
කොරෝනා වස්න්ගතයත් සමගම උද්ගතවී ඇති ආර්ථික ව්‍යසනයෙන් ගොඩ ඒමටනම් මනා කළමනාකරණයකින් යුතුව ආර්ථිකය හැසිරවියයුතු බවත්, ඒසදහා ලෝක බැංකුව මෙන්ම විදේශ ණය ලබාදෙන ආයතන සමග සාකච්චාකොට දේශීය හා විදේශීය ආර්ථික විශේෂනයින්ගේ සහයෝගය හා උපදෙස් ලබාගෙන මනා සැලකිල්ලකින් යුතුව ආර්ථිකය ගොඩනැගීමට ක්‍රියාකළ යුතුබවද ඔහු පෙන්වාදෙන ලදී. 
 
මාධ්‍ය වේදියකු නැගු පැනයකට පිළිතුරු දෙමින් රවී කරුණානායක මහතා ප්‍රකාශ කලේ සියලු අභියෝග මධ්‍යයේ වුවද එක්සත් ජාතික පක්ෂය දිවයිනේ දිස්ත්‍රික්ක 22 සදහම අපේක්ෂකයින් ඉදිරිපත් කළ බවත්, එලබෙන ඕනෑම අවස්ථාවක මැතිවරණයකට මුහුණදීමට සුදානම් බවත් සහ එම මැතිවරණය ජයග්‍රහණය කිරීමට අවශ්‍ය සැලසුම් සහ ක්‍රමෝපායන් සාදා අවසන් බවත්ය . එසේ වුවද කොරෝනා වසංගතය රටම වෙලාගෙන සිටින මොහොතක ජනතාවගේ ජීවිත බිල්ලට තබා ආණ්ඩුව සිය ප‍ටු දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් කඩිනම් මැතිවරණයකට යෑමට දරන උත්සාහය අනුමත නොකරන බවත් එක්සත් ජාතික පක්ෂයේ මතය වනුයේ සෞඛ්‍ය  අංශ විසින් අදාළ අනුමැතිය ලබාදීමෙන් පසුව පමණක් මැතිවරණය පැවැත්විය යුතුය යන්න බවත්ය . 
 
දැනට රජය මගින් ලබාදෙන රුපියල් 5000 දීමනාව කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත් අවම වශයෙන් මෙම දීමනාව රුපියල් 20,000 දක්වා වැඩිකළ යුතු බවත් ප්‍රකාශ කල අතර , එය කළ හැකි බවත් හිටපු මුදල් අමාත්‍ය වරයා පෙන්වාදෙන ලදී. රාජ්‍ය සේවකයන්ට රුපියල් 10,000 ක් මාසික වැටුප් වර්ධකයක් ලබාදුන් මුදල් අමාත්‍යවරයා ලෙස වගකීමකින් යුතුව මෙම රුපියල් 20,000 දීමනාව ලබාදිය හැකිබව ප්‍රකාශ කරන බවද පැවසීය . 
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න