සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරයට : මේජර් ජෙනරාල් වරයෙක් ?

සෞඛ්‍ය අමාත්‍යාංශයේ  ලේකම් ධුරයට : මේජර් ජෙනරාල් වරයෙක් ?

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස මේජර් ජෙනරාල් සංජීව මුනසිංහ  පත් කිරීමට නියමිත බව දෙරණ මාධ්‍ය ජාලය වාර්තා කරයි.

ඒ අනූව මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වන වෛද්‍ය භද්‍රාණී ජයවර්ධන ට එම ධූරය අහිමි වනු ඇත.

මේජර් ජනරාල් සංජීව මුණසිංහ  හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ යුද හමුදා වෛද්‍ය බලකායේ බලකාධිපති නිලධාරියා වේ.

1960 ජනවාරි 29 වන දින ඔහු උපත ලැබු අතර, කළුතර ඥානෝදය විද්‍යාලයෙන් කළුතර සහ තිස්ස විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය. 

උසස් පෙළ සමත් වූ පසු ඔහු රුහුණු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් වූ අතර 1986 දී MBBS උපාධිය සම්පූර්ණ කළේය.

වෛද්‍ය උපාධිය සම්පුර්ණ කිරීමෙන් පසු 1986 ඔහු ශ්‍රි ලංකා යුධ හමුදාවට එක් වු අතර, මුලික යුද්ධ පුහුණුව ශ්‍රි ලංකා යුද්ධ හමුදා විද්‍යා පීඨයෙන් හදාරා කපිතන් වරයෙක් ලෙස ශ්‍රි ලංකා යුද හමුදා වෛද්‍ය බලකායට අනුයුක්ත කරන ලදී.

ඔහු යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකල සේවය ඇගයීම වස් රණ වික්‍රම පදක්කම, රණශුර පදක්කම, උත්තම සේවා පදක්කම, නැගෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම, උතුරු මානුෂීය පදක්කම, පූර්ණ භූමි පදක්කම, උතුරු නැගෙනහිර පදක්කම, වඩමාරච්චි මෙහෙයුම් පදක්කම, රිවිරැස මෙහෙයුම් පදක්කම, 50 වන නිදහස් සංවත්සර පදක්කම, ශ්‍රි ලංකා යුද්ධ හමුදා 50 වන සංවත්සරය සහ ශ්‍රි ලංකා සන්නද්ධ සේවා දීර්ඝ සේවා පදක්කම යන පදක්කම් වලින් පිදුම් ලබා ඇත.

මංගලගේ නිවේදනය !

මේ අතර පසුගියදා නිවේදනයක් නිකුත්කරමින් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසා සිටියේ මේ රජයේ වැරදි ප්‍රතිපත්ති නිසා ඇති වී තිබෙන ආර්ථික අර්බූදය වසංකිරීම සඳහා කොරෝනා වෛරසය මුවාවෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ද ක්‍රම ක්‍රමයෙන් අඩපණ කරමින් හමුදා පාලනයකට මග පාදමින් සිටින බවය.

එසේම මේ වන විට විශ්‍රාමික හමුදා නිලධාරීන් කිහිපදෙනකුම වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන තනතුරු වෙත පත්කර ඇත.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න