රාජ්‍ය සේවක වැටුප් ගෙවන්න අමාරුයි : ඒත් ලොකුම ක්‍රිකට් පිටිය දෙන්න සූදානම් !

රාජ්‍ය සේවක වැටුප් ගෙවන්න අමාරුයි : ඒත් ලොකුම ක්‍රිකට් පිටිය දෙන්න සූදානම් !

රාජ්‍ය සේවකයින්ට තම වැටුප හෝ ඉන් අඩක් රජයට පරිත්‍යාග කරන ලෙස ඉල්ලා සහ ඇතැම් ස්ථාන වල බලහත්කාරයෙන් රාජ්‍ය සේවක වැටුප් කප්පාදු කරන බවට චෝදනා ලබා සිටින පසුබිමක ලංකාවේ විශාලතම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදි කිරීම් ඇරඹීමට සූදානම්වීම සම්බන්ධව සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචන පළවෙමින් තිබේ.

ඊයේ (17)  ක්‍රිඩාංගනය ඉදි කිරීමට යෝජිත භූමියේ ස්ථානීය පරීක්ෂා කිරීමේ චාරිකාවක් සිදු කර ඇති බව වාර්තා වන අතර  ඊට උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන , නාගරික අමාත්‍යාංශයේ ලේකම්වරයා හා නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සහාභාගීව ඇති බවත් වාර්තා වෙයි.

මෙම අවස්ථාවට එක්වු අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසා ඇත්තේ මෙම ක්‍රිඩාංගනයේ ඉදිකිරීම් කඩිනමින් සිදු කිරීමට සුදානම් බවයි.

ක්‍රීඩාංගනය සඳහා අක්කර 26 ක භූමියක් වෙන් කර ඇති අතර  දිවා රාත්‍රී තරග පැවැත්වීමට හැකි පරිදි මෙම ක්‍රිඩාංගනය නිර්මාණය කිරීමට නියමිත බවත් තරග නරඹන්නන් 40000 කට ආසන පහසුකම් සහිතව දෙවන අදියර යටතේ ආසන 20000 ක් එක් කරමින් ආසන 60000 කින් යුතුව මෙය ඉදි කරන බවත් බන්දුල ගුණවර්ධන ඇමතිවරයා එහිදී වැඩිදුරටත් පවසා ඇත.

“ඒ සඳහා අද දින ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිතුමත්, කොළඹ දිස්ත්‍රික්ක ලේකම්තුමත්, ඒ වගේම නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම්තුමා ඇතුළු උසස් නිලධාරීන් සියලු දෙනාම පැමිණ ස්ථානීය පරීක්ෂණයක් අවසන් කර ඉදිරි කාලපරිච්ඡේදය තුළ දී ඉදිකිරීම් කටයුුතු පටන් ගන්නවා, ශ්‍රී ලංකාවේ විශාලතම දිවා රාත්‍රී අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය තැනීම සඳහා.“ එහිදී අමාත්‍යවරයා පවසා ඇත.

රට එදාවේල කන්න නැති හිඟන තැනට ඇදවැටෙමින් ඇති පසුබිමක මේ සුදුඅලි ව්‍යාපෘතියේ අවශ්‍යතාව පැහැදිළිය.  සේරටම වඩා මේ ව්‍යාපෘතියට මරු පහරක් එල්ලව ඇත්තේ මෙරට හිටපු ප්‍රවීණ ටෙස්ට් ක්‍රිකට් නායකයකු සහ ලොව සිටි ජනප්‍රිය ක්‍රීඩකයකු වන මහේල ජයවර්ධන විසින්ය.

එහිදී ප්‍රමාණවත් තරම් ක්‍රීඩා පිටි තිබීම, නමුත් ඒවායේ ජාත්‍යන්තර සහ පළමු පෙළ තරග ක්‍රීඩා කිරීමට අවස්ථාව නොතිබීම සහ ඒ හමුවේ තවත් පිටියක අවශ්‍යතාව ඔහු ප්‍රශ්න කර ඇත.

99339003 561604977881282 7030891558387843072 n

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න