විසි එක් වෙනි සියවසට ගැළපෙන එකම දර්ශනය අද මිත්‍යාද්‍රෘෂ්ටිකයන්ගේ අතට පත්වෙලා - මංගල (වීඩියෝ )

විසි එක් වෙනි සියවසට ගැළපෙන එකම දර්ශනය අද මිත්‍යාද්‍රෘෂ්ටිකයන්ගේ අතට පත්වෙලා -   මංගල (වීඩියෝ )
බුද්ධ ශාසනය ආරම්භයේ සිටම දේවදත්ත කල්ලි සිටි බවත්, ඔවුන්ට උදව් උපකාර කළ 'අජාසත්ත'ලා ද සිටි බවත් බුද්ධ ශාසනයේ ඉතිහාසය හැදෑරු ඕනෑම අයකු දන්නා කාරණයක් බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර  ප්‍රකාශ කර සිටියි.
 
විශේෂ වීඩියෝවක් සහ නිවේදනයක් නිකුත්කරමින් හිටපු මුදල් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටින අතර එම නිවේදනය පහත දැක්වෙයි.
 
විසි එක් වෙනි සියවසට ගැළපෙන එකම දර්ශනය අද මිත්‍යාද්‍රෘෂ්ටිකයන්ගේ අතට පත්වෙලා - හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර
 
පසුගිය දා සීඅයිඩී (CID) පරීක්ෂණයෙන් පසුව මම මාධ්‍යයට කරපු ප්‍රකාශය "සංඝ කල්ලිය" කියන වචනය අද යම් යම් මාධ්‍යවල විශාල කතාබහකට ලක්වෙලා තියෙනවා. ඇත්ත වශයෙන්ම වරින්වර බෞද්ධ දර්ශනයට අභියෝග කරන සංඝ කල්ලි බුදුරජානන් වහන්සේගේ කාලයේ ඉඳලාම තිබුණා. අපේ බුදුහාමුදුරුවන්ගේ කාලයේ දේවදත්ත එවකට හිටපු භික්ෂුන් වහන්සේලා එක්දාස් දෙසිය පණහෙන් හත්සිය පණහක්ම මේ කල්ලියට එකතුකරගෙන එවකට හිටිය අජාසත්තගේ න්‍යායපත්‍රයට අනුව බුදුහාමුදුරුවන්ට එරෙහිව කුමන්ත්‍රණය ක්‍රියාත්මක කරා.

ඒ වගේම අපි අහල තියෙනවා පරාක්‍රමබාහු රජ්ජුරුවන්ගේ කාලයෙත් වෙමැනි සංඝ කල්ලි ඇති වෙලා බෞද්ධ දර්ශනයට විශාල අභියෝගයක් ඇති වුණ නිසා භික්ෂුන් වහන්සේලා හැටදාහකට වඩා ප්‍රමාණයක් හනගහලා පරාක්‍රමබාහු රජ්ජුරුවෝ සසුනෙන් නෙරපුවා. ඒ තුළින් යළි වතාවක් බෞද්ධ දර්ශනය බුද්ධාගම බේරගන්නට හැකියාවක් ලැබුණා. මේ සම්බන්ධයෙන් ඕනෑම කෙනෙකුට පොළොන්නරුවේ ගල්පොතේහි සඳහන්වෙන පොළොන්නරු කථිකාවෙන් මෙහි සත්‍ය අසත්‍ය සොයාගන්නට පුළුවන්. ඒ වගේම අදත් නූතන අජාසත්තලාගේ උවමනාව වෙනුවෙන්, නූතන කුඩු මුදලාලිලාගේ උවමනාව වෙනුවෙන් , නූතන ගංජා මුදලාලිලාගේ උවමනාව වෙනුවෙන් තවත් සංඝ කල්ලියක් මේ රට තුළ ඇතිවෙලා වොයිස් කට් එකටත් මුදල් ලබාගන්න, ප්‍රෙස් කොන්ෆරන්ස් එකකටත් මුදල් ලබාගන්න.

ඒ වගේම සුඛෝපභෝගී වාහන ලබාගන්න මේ සංඝ කල්ලිය යළිවතාවක් අපගේ ශ්‍රේෂ්ඨ වූ බුද්ධ ධර්මයට මහා අභියෝගයක් වෙලා තියෙනවා. බෞද්ධ දර්ශනය 21 වෙනි සියවසට ගැළපෙන එකම දර්ශනය හැටියටයි මම දකින්නේ. අවාසනාවකට අද වෙනකොට එය මිත්‍යාද්‍රෘෂ්ටිකයන්ගේ අතට පත්වෙලා තියෙනවා. එය ජනතාව රවට්ටන්නට දේශපාලන වශයෙන් නොමග යවන්නට පවා ආයුධයක් බවට පත්කරගෙන තියෙන මොහොතක මේ සංඝ කල්ලිය පරාජය කිරීම සඳහා මේ රටේ සිටින බහුතරයක් වූ බෞද්ධ ජනතාව පමණක් නෙවෙයි, ඇත්තවශයෙන්ම බෞද්ධ දර්ශනය වෙනුවෙන් පෙනී සිටින සැබෑ ස්වාමීන් වහන්සේලාගෙත් වගකීමක්. මමත් පරම්පරාගත බෞද්ධයෙක් ඒ නිසාම බෞද්ධාගම ගැන හැඟීමක් කැක්කුමක් මට තියෙනවා. ඒ නිසා තමයි බෞද්ධාගම ගැන බෞද්ධ දර්ශනය ගැන යම් යම් චීවරධාරී ගැන මා කරන විවේචන පවා සැබෑ බෞද්ධයෙකුගේ විලාපයක් හැටියටයි මම දකින්නේ. අන්න ඒ නිසා අපි සියලු දෙනා එක්ව මේ වෙලාවේ මේ තියෙන භයානක අභියෝගයෙන් බුදුදහම බේරගන්නට ඕනේ කියලා මම විශ්වාස කරනවා."

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න