හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර අද (19) ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.
මෙසේ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේ දෙවැනි දිනයටය.
පසුගිය 14 වනදා ද හිටපු අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ප්‍රකාශයක් සටහන් කරගෙන තිබූ අතර ඒ ජනාධිපතිවරණ සමයේදී පුත්තලමේ ලියාපදිංචි ඡන්ද දායකයන් පිරිසක් සිලාවතුර ප්‍රදේශයට ලංගම බස්රථ මගින් රැගෙන යාමේ සිද්ධියක් සම්බන්ධ විමර්ෂණ සඳහා ප්‍රකාශයක් ලබාදීමට ය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම්දීමකට අනුව එදින පැමිණි හිටපු අමාත්‍යවරයා පැය 5කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගියේය.
වොයිස්කට් සාදුගේ පැමිණිල්ලක් !
ප්‍රකට 'වොයිස්කට්' හිමිනමක් විසින් කල පැමිනිල්ලක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම විමර්ශනය ආරම්භකර තිබේ. පුත්තලමේ අවතැන් වු ජනතාවට පසුගිය ජනාධිපතිවරණ සමයේ ඡන්දය ප්‍රකාශ කිරීම සදහා බස් රථ 22 කින් පුත්තලමේ සිට මන්නාරම දක්වා රැගෙන යාමට රුපියල් ලක්ෂ 95 ක මුදලක් රජයෙන් ගෙවීමට අනුමැතිය ලබා දී ඇතැයි කියමින් උන්වහන්සේ මෙම පැමිණිල්ල ගොනු කර ඇත.
පුරවැසි යුතුකමක් ඉටුකළේ - මංගල !
එදින කට උත්තරය ලබාදීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට පැමිණි හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු දෙමින් සඳහන් කර සිටියේ, එල්ටීටීඊ සංවිධානයේ බලපෑමට ලක් ව අවතැන්වූ මේ රටේ පුරවැසියන් පිරිසකට ඡන්ද අයිතිය ලබා දීමට හැකිවීම පිළිබඳව තමන් මුදල් ඇමැති වශයෙන් පමණක් නොව, ශ්‍රී ලාංකික පුරවැසියකු වශයෙන් ද සතුටු වෙන බව රහස් පොලිසියේ ප්‍රශ්න කිරීම හමුවේ පැවසූ බවයි.
පැය පහකට අධික කාලයක් තමන්ව ප්‍රශ්න කළ බවත් එහි දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වැදගත් ආකාරයට ඔවුන්ගේ රාජකාරි සිදු කළ බව ද පැවසූ හිටපු අමාත්‍යවරයා, එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් මිට දසක 3කට ඉහත දී උතුරෙන් පලවා හරින ලද මුස්ලිම් අවතැන්වුවන්ට ස්ථිර විසඳුමක් ලබාදීමට නොහැකිවීම ගැන රාජ්‍ය පාලනයට හවුල්ව ඇමතිවරයකු ලෙස ද කටයුතු කර ඇති තමා වගකිව යුතු බවයි. තමා ද එහි වරදකරුවකු බව ඔහු කියා සිටියේය.
කෙසේවුවද එසේ අවතැන්වූ ජනතාවකගේ මුලික අයිතියක් වෙනුවෙන්, එනම් ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙන් මැදිහත්වීමට සිදුවීම ගැන සතුටුවන බව ඔහු අවධාරණය කර සිටියේය.
මිට ඉහතදී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ද අවතැන්වුවන්ගේ ඡන්ද අයිතිය වෙනුවෙන්ප අවශ්‍ය පහසුකම් ලබාදී ඇති බව සඳහන් කළ මංගල සමරවීර, එය වරදක් නොව ඕනෑම රජයක අනිවාර්ය වගකීමක් බවද කියා සිටියේය.


 
     
     
    