යුද්ධයෙන් මිය ගිය පිරිස් සිහිකර පහන් දැල්වූ දෙදෙනෙක් අත්අඩංගුවට !

යුද්ධයෙන් මිය ගිය පිරිස් සිහිකර  පහන් දැල්වූ දෙදෙනෙක් අත්අඩංගුවට  !

යුද්ධයෙන් මිය ගිය පිරිස් සිහිකරමින් පුත්තලම නගරයේ පහන් දැල්වු පුද්ගලයින් දෙදෙනෙකු පුත්තලම මුලස්ථාන පොලිසිය විසින් අද ( 18 ) අත්අඩංගුවට ගෙන තිබුනී.

මෙසේ අත් අඩංගුවට ගෙන තිබුනේ පුත්තලම තිල්අඩිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 30 ,35 සිමා වල පසුවු දෙදෙනෙකී.

එම දෙදෙනා පුත්තලම නගරයේ මත්ස්‍ය වෙළද පොලට ඉදිරිපිට මන්නාරම මාර්ගයේ පදික වේදිකාවේ යකඩ වැටට ආධාරකයක් යොදා ගනිමින් තැටියක් සදහා පහන් දල්වා තිබුනී.

මෙම පහන් දල්වමින් සිටි දෙදෙනා බුද්ධි අංශ තොරතුරු මත පුත්තලම මුලස්ථාන පොලිසියේ නිළධාරින් විසින් අත් අඩංගුවට ගෙන තිබුනී.

අත් අඩංගුවට ගත් දෙදෙනා ගෙන් කල ප්‍රශ්න කිරිම් වලදි පාපොච්චාරණය කර ඇත්තේ යුද්ධයෙන් මිය ගිය සියලුම දෙනා සිහිපත් කිරිමේ අරමුණින් මෙම පහන් දැල්වු බවත් කිසිම ලෙසකින් වෙනත්  අරමුණක් නොමැති බවත් මෙම දෙදෙනා ප්‍රකාශ ලබා දි තිබේ .

අදාල දෙදෙනාගේ ප්‍රකාශ සටහන් කර ගැනිමේන් පසුව මුදා හැරි බව පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි.

(ලංකාදීප )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න