යුද ජය සමරුවේ පුහුණුවට ගිය : නාවික හමුදාවේ දෙදෙනෙකුටත් කොරෝනා !

යුද ජය සමරුවේ පුහුණුවට ගිය : නාවික හමුදාවේ දෙදෙනෙකුටත් කොරෝනා !

යුධ ජය සමරුමට' අදාලව සිදු කෙරෙන ආචාර පෙළපාලියේ පුහුණුවීම් සඳහා සහභාගී වූ නාවික හමුදා සෙබළුන් දෙදෙනෙක්ටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පසුගිය 17 වනදා  තහවුරු වී ඇති බව වාර්තා වෙයි .

මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර සඳහන් කලේ, මෙම නාවික හමුදා සාමාජිකයින් ගේ පළමු PCR පරීක්ෂණ වාර්තා වේ ප්‍රථිපල යලි සනාථ කර ගැනීම සඳහා දෙවන පරීක්ෂණයක් සිදු කිරිමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගෙන ඇති බවයි.

එම පෙළපාලිය පුහුණුවීම් සඳහා යොමු කර සිටිය නාවික හමුදා සාමාජිකයින් මාසයක කාලයක් පුරාවට තර්ටන් විදුහල් නිරෝධායන මධ්‍යස්ථානයේ හුදෙකලා කොට තබා PCR පරීක්ෂණ වලින් කොරෝනා වෛරසය නොමැති බවට තහවුරු වූ සාමාජිකයින් වේ.

සමීපතම ආශ්‍රිතයින් වහාම නිරෝධායනය ක්‍රියාවලියට :

"මීට පෙර අවස්ථා කිහිපයකදී මෙලෙස පළමු PCR පරීක්ෂණ වලින් කොරෝනා ආසාදිත බවට තහවුරු වූ රෝගීන් දෙවන පරීක්ෂණයේදී ආසාදිතයින් නොවන බවට හෙළිව තිබුණා. ඒ හේතුවෙන් අපි මෙම නාවික සෙබළුන් දෙදෙනාගේ යලිත් PCR පරීක්ෂණයක් සිදු කිරිමට අවශ්‍ය පියවර ගනු ලැබුවා.

මෙම සෙබළුන් දෙදෙනාට එලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පළමු පරීක්ෂණයෙන් තහවුරු වීමත් සමග ඔවුන් ගේ සමීපතම ආශ්‍රිතයින් නිරෝධායනය ක්‍රියාවලියට යොමු කිරිමට අවශ්‍ය පියවර ද ගනු ලැබුවා." නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර ප්‍රකාශ කර සිටියේය.

එල්.ටී.ටී .ඊ. සංවිධානය යුධමය වශයෙන් පරාජය කිරීමේ එකළොස්වැනි සැමරුම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේ පිහිටි රණවිරු ස්මාරකය අභියස දී අද  (19) පස්වරුවේ පැවැත්වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න