Language Switcher

V2025

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ කැත වැඩක් : මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් !

2020 පැවැත්වීමට නියමිත මහමැතිවරණයට අදාල 2019 ඡන්දහිමි නාමලේඛන විකෘති කර සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් මුද්‍රණය කර බෙදා හැරීම සම්බන්ධව  පරීක්ෂණයක් ඉල්ලා මැතිවරණ කොමිසම වෙත පැමිණිල්ලක් සිදුකර ඇත.
 
ජාතික ජන බලවේගය නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ මහ මැතිවරණ අපේක්ෂක ලක්ෂ්මන් නිපුනආරච්චි විසින් මීට අදාළ පැමිණිල්ල ලිඛිතව සිදුකර ඇත.
2020 පැවැත්වීමට නියමිත මහමැතිවරණයට අදාල මළු දිවයිනම ආවරණය වන පරිදි දිස්ත‍්‍රික්ක 25 ම 2019 ඡන්දහිමි නාමලේඛණ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් මුදල් යොදවා මුද්‍රණය කර මේ වන විටත් දිස්ත්‍රික්ක වෙත බෙදා දී අවසන් කර ඇති බවත් ඒ  පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් සිදුකරන ලෙසත් එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
 
මාධ්‍ය වෙත යොමුකර ඇති එම ලිඛිත පැමිණිල්ල පහත දැක්වෙයි.

ලක්ෂමන් නිපුනආරච්චි,
හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රි,
මැතිවරණ අපේක්ෂක
(ජාතික ජන බලවේගය)
නුගගහ පෙදෙස,
මහරගම.

මහින්ද දේශප‍්‍රිය මහතා,
සභාපති.
මැතිවරණ කොමිෂන් සභාව,
රාජගිරිය.

2020 පැවැත්වීමට නියමිත මහමැතිවරණයට අදාල 2019 ඡන්දහිමි නාමලේඛණ විකෘති කර සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් මුද්‍රණය කර බෙදා හැරීම සම්බන්දව පරීක්ෂණයක් ඉල්ලා සිටීම.

2020 පැවැත්වීමට නියමිත මහමැතිවරණයට අදාල මළු දිවයිනම ආවරණය වන පරිදි දිස්ත‍්‍රික්ක 25 ම 2019 ඡන්දහිමි නාමලේඛණ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් මුදල් යොදවා මුද්‍රණය කර මේ වන විටත් දිස්ත්‍රික්ක වෙත බෙදා දී අවසන් කර ඇත.

02. මේ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් ඡන්ද හිම්නාමලේඛණ භාවිතා නොකර මෙන් සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයාට පිටපතක් සහිතව සියළුම දිස්ත‍්‍රික් ලේකමිවරු වෙත නිකුත් කරන ලද 2020. 04. 18 දිනැති PE/2020/19 යන ලිපිය ඔබගේ විශේෂ අවධානයට යොමු කරවන අතර, එසේ තිබියදී ගම්පහ ඇතුළු ඇතැම් දිස්ත‍්‍රික්කයන් හි මෙම ලේඛණ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් අත පත් කර ඇති බව අප වෙත වාර්ථා වේ.

03. තවද මුද්‍රණය කර බෙදා දී ඇති මෙම ඡන්ද හිමි ලේඛණවල පුද්ගලයන්ගේ ජාතික හැදුනුම්පත් අංක නොමැති අතර ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ යන නාමයෙහි ඉංග‍්‍රීසි භාෂාවෙන් කෙටි යෙදුම වන (SLPP) සඳහන්ව ඇත. තවත් ලේඛණ වල පුද්ගලයන්ගේ ජාතික හැදුනුම්පත් අංක හා (SLPP) යන නාමයද නොමැති අතර එසේ වීමට හේතු වී ඇත්තේ යම් දේශපාලන පක්ෂයක් වෙත ඔබ විසින් නිකුත් කරන ලේඛණයන් මෙම කටයුත්තට යොදා ගැනීම විය හැකි බව අපගේ අදහස වේ.

04. එසේ දේශපාලන පක්ෂ වෙත ඔබ විසින් නිකුත් කරන ජාතික හැදුනුම්පත් අංක නොමැති ලේඛණ වල සෑම පිටපතකම අදාල දේශපාලන පක්ෂයේ කෙටි නම ඉංග‍්‍රීසි භාෂාවෙන් හඳුනා ගැනීම සඳහා සලකුණු කර ඇතත් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් මුද්‍රණය කර ඇති ලේඛණ වල කෙටි යෙදුම ඔබගේ අවසරයකින් තොරව ඉවත් කර ඇති බවට මෙයින් අනාවරණය වෙයි. (අදාල පිටපතක් මේ සමග අමුණා එවමි)

05. ඉහත කරුණු කෙරෙහි ඔබගේ විශේෂ අවධානය යොමු කර මේ පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් සිදු කරන මෙන් කාරුණිකව මෙයින් ඉල්ලා සිටිමි.

මේ පිළිබව ඔබ දක්වන සහය ඉතා අගය කොට සලකම්.

ස්තූතියි.

මෙයට,
ලක්ෂමන් නිපුනආරච්චි
(හිටපු පාර්ලිමේන්තු හා බස්නාහිර පලාත් සභා මන්ත්‍රි)
(Former Member of Parliament and Western Provincial Council)