Language Switcher

V2025

කාවින්දට ගහපු මඩේ දුරදිග යයි : ජනාධිපතිත් මැදිහත් වෙයි : පොලිසිය ඉරාජ්ගේ ගෙදරට !

එජාප හිටපු මන්ත්‍රී කාවින්ද ජයවර්ධනගේ යැයි හැඟවෙන ආකාරයෙන් මෑතකදී සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හැර තිබු ආන්දෝලනාත්මක 'සමරිසි' වීඩියෝව සම්බන්ධයෙන් සුලමුල සොයා ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයේ  නිලධාරීන් පිරිසක් ජනප්‍රිය සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන ඉරාජ් වීරරත්නගේ නිවසට ද ගොස් ඇත. 

අප වෙත වාර්තා වන පරිදි එහිදී ඔහු සඳහන් කර ඇත්තේ, මෙම වීඩියෝව තම නැගෙණිය වන රිෂිනි වීරරත්න වෙත ඒවා ඇත්තේ, හිටපු පළාත් සභා මන්ත්‍රීනි මල්ෂා කුමාරතුංග විසින් බවයි.

ඒ අනුව, මල්ෂා කුමාරතුංග ගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පොලිසිය ඇය නැවතී සිටි කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ නිවස්නයකට ද ගොස් තිබු අතර අනතුරුව මැයි මස 14 බ්‍රස්පතින්දා ඇයව කොළඹ අපරාධ කොට්ඨාශයට කැඳවා කට උත්තරයක් ද ලබාගෙන තිබිණ.

එහිදී තමාගේ දුරකතනයේ දත්ත මැකී ඇතිබව ඇය සඳහන් කර තිබු බැවින් දුරකථනය පොලිසිය බාරයට ගැනීම සඳහා පොලිසිය විසින් අධිකරණ නියෝගයක් ලබාගෙන ඇති අතර ඒ අනුව  මල්ෂා කුමාරතුංග විසින් ඊයේ (මැයි 18) පස්වරුවේ කොළඹ අපරාධ කොට්ඨාශය වෙත ගොස් සිය දුරකථනය බාරදී ඇත.

ඉරාජ් වීරරත්නගේ නැගෙණිය වන රිෂිනි වීරරත්න විජය නිව්ස් පේපර්ස් සමාගමේ සේවයකරන අතර එම සමාගම විසින් ප්‍රකාශයට පත් කරන dailymirror.lk වෙබ් අඩවිය විසින් පලකල වීඩියෝවක මල්ෂා කුමාරතුංග ඊයේ කොළඹ අපරාධ කොට්ඨාශය වෙත ආ ගිය ආකාරය දක්වා තිබේ.

වීඩියෝ 

මෑතකදී සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හැර තිබු ආන්දෝලනාත්මක 'සමරිසි' වීඩියෝව සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙසේ පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත්තේ, එජාප හිටපු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන විසින් කර ඇති පැමිණිලි හේතුවෙනි.

මෙම ආන්දෝලනාත්මක වීඩියෝව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා කොළඹ අපරාධ කොට්ඨාශය (CCD)  විසින් සිදුකළ විමර්ශන වලින් අනාවරණය වී ඇත්තේ, මෙම වීඩියෝව මිට ඉහතදී ඉන්දියාවේ දී සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබු බවකි.

මෙම වීඩියෝව 2018 වසරේ ජුලි, අගෝස්තු හා සැප්තැම්බර් මාසවල දී දී සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබු බවත් එරට ප්‍රකට නිල් චිත්‍රපට ශිල්පීන් දෙදෙනෙකු එහි රඟපා ඇති බවත් පොලිසිය විසින් තහවුරු කරගෙන ඇත.

හරින් ප්‍රනාන්දුගේ සම්බන්ධයක් තිබේ ද ?

එජාප හිටපු මන්ත්‍රී කාවින්ද ජයවර්ධනගේ යැයි හැඟවෙන ආකාරයෙන් මෑතකදී සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හැර තිබු ආන්දෝලනාත්මක 'සමරිසි' වීඩියෝව සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට පොලිසිය මේවනවිට සමත්ව තිබේ.

පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග සඳහන් කරන පරිදි මල්ෂා කුමාරතුංගට මෙම වීඩියෝව ඒවා ඇත්තේ හිටපු අමාත්‍යවරයකු වන හරින් ප්‍රනාන්දුය. 

හරින් ප්‍රනාන්දුට එම වීඩියෝව ඒවා ඇත්තේ, සඳුන් තේනුවර නමැති තරුණ ව්‍යාපාරිකයෙකි. එම ව්‍යාපාරිකයාට   අදාල වීඩියෝව යොමුකර ඇත්තේ ආණ්ඩුවේ ජනප්‍රිය තරුණ දේශපාලනඥයකුගේ විවාහයේ 'බෙස්මන්' ලෙස සිටි තරුණයෙකි.

එම පුද්ගලයාට එම වීඩියෝව ලැබුනේ කාගෙන්ද යන්න අද හෙටම අනාවරණය කර ගැනීමට හැකිවනු ඇති බවත්, 
අදාල සියලු දෙනාගෙන් ම ඉදිරිදින කිහිපයේදී ප්‍රකාශ ලබාගැනීමට නියමිත බවත් පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.

ජනාධිපතිට ප්‍රසංසා  

කොළඹ අපරාධ කොට්ඨාශය මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම ආන්දෝලනාත්මක වීඩියෝවේ අලගිය මුලගිය තැන් සොයා ගැනීමට මෙතරම් උනන්දුවක් දක්වන්නේ ජනාධිපතිවරයා ගෙන් ලැබුන නියෝගයක් නිසාය.

කිසිවකු විසින් දේශපාලනික අරමුණු වෙනුවෙන් සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති 'සමරිසි' වීඩියෝව නිසා තමා හා තම පවුලේ සාමාජිකයින් පෞද්ගලික වශයෙන් හා සමාජීය වශයෙන් බරපතල අපහසුතාවයකට ලක්ව ඇතැයි කියමින් කාවින්ද ජයවර්ධන, පසුගිය දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවී මෙම වීඩියෝව මුදාහැරීමට සම්බන්ධ පුද්ගලයින් සොයා ගැනීමට උදව් කරන්නැයි කාරුණික ඉල්ලීමක් කර තිබිණ. 

දැනට අනාවරණය වන තොරතුරු අනුව ආණ්ඩුවට සම්බන්ධ ප්‍රබල සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු හා විපක්ෂයේ තරුණ දේශපාලනඥයකු කෙරෙහි පොලිස් විමර්ශකයින් ගේ අවධානය යොමුව ඇති අතර සිද්ධියට සම්බන්ධ කවරෙකු වුවද ඔහුගේ හෝ ඇයගේ තරාතිරම නොසලකා නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපතිවරයා විසින් පොලිසියට නියෝග කර ඇත.

කාවින්ද ජයවර්ධන ඒ සම්බන්ධයෙන් ඊයේ මාධ්‍ය හමුවේ ජනාධිපතිවරයාට ස්තුතිය පළකළේය.