පට්ටම් සියල්ල ගලවයි : මහින්ද සමරසිංහ ශ්‍රිලනිපයෙන් දොට්ට !

පට්ටම් සියල්ල ගලවයි : මහින්ද සමරසිංහ ශ්‍රිලනිපයෙන් දොට්ට !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  කළුතර දිස්ත්‍රික් නායක ලෙස කටයුතු කළ   හිටපු අමාත්‍ය මහින්ද සමරසිංහ එම පක්‍ෂයෙන් නෙරපා ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව ඔහු දැරූ පානදුර ආසන සංවිධායක ධූරයත් අහෝසි කර ඇති අතර ඊට බස්නාහිර පළාත් සභාවේ හිටපු අමාත්‍ය සුමිත් ලාල් මෙන්ඩිස් පත්කර ඇති බවත්  වාර්තා වෙයි.

 වැඩිදුරටත් වාර්තා වන ආකාරයට හිටපු අමාත්‍ය මහින්ද සමරසිංහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්ව මැතිවරණයට තරග කිරීම හේතුවෙන් ඔහුට එරෙහිව පක්‍ෂ විනය කමිටුව විසින් ඉදිරිපත් කළ වාර්තාවක් අනුව ශ්‍රී.ල.නි.ප සභාපති, හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ ප‍්‍රධානත්වයෙන් රැස්වූ පක්‍ෂ මධ්‍යම කාරක සභාව මෙම තීරණය ගෙන ඇත.

පක්‍ෂය විසින් ගනු ලැබූ මෙම තීන්දුව හෙට (20) දිනයේදී හිටපු අමාත්‍ය   මහින්ද සමරසිංහට  ලිඛිතව දැනුම්දීමට නියමිත බවද වාර්තා වෙයි.

පක්‍ෂයේ හිටපු තවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ඇතුළු තිදෙනකු සම්බන්ධයෙන් ද ඉදිරියේදී විනය ක‍්‍රියාමාර්ග ගැනීමට නියමිත බවත් දැනගන්නට ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න