ඇතැම් කලාපවල ගුරු, විදුහල්පති දැනුම්දීමකින් තොරව වැටුප් කප්පාදු කර ඇතැයි චෝදනා

ඇතැම් කලාපවල ගුරු, විදුහල්පති දැනුම්දීමකින් තොරව  වැටුප් කප්පාදු කර ඇතැයි චෝදනා

නැගෙනහිර පළාත් පාසල්වල ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ මැයි මස වැටුපෙන් දිනක වැටුප ඔවුන්ගේ කැමැත්තකින් තොරව කෝවිඞ් 19 අරමුදලට පරිත්‍යාග ලෙස අය කරගෙන ඇතැයි ලංකා ගුරු සංගමය චෝදනා කරයි. 

ඒ පිළබද ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා ඇත. 

එම නිවේදනය පහත දැක්වේ. 

නැගෙනහිර පළාත් පාසල්වල ගුරු-විදුහල්පතිවරුන්ගේ කැමැත්තකින් තොරව මුදල් කපයි

නැගෙනහිර පළාත් පාසල්වල ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ මැයි මස වැටුපෙන් දිනක වැටුප ඔවුන්ගේ කැමැත්තකින් තොරව කෝවිඞ් 19 අරමුදලට පරිත්‍යාග ලෙස අය කර ගෙන ඇත.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය හා නැගෙනහිර පළාත් ලේකම්වරු අතර පැවති සාකච්ඡාවකදී නැගෙනහිර පළාත් රාජ්‍ය සේවකයන්ගේ දිනක වැටුප පරිත්‍යාග කිරීමට එකඟ වූ බවත්, ඒ අනුව සියලූම සේවකයන්ගේ දිනක වැටුප අය කරන ලෙසත් සඳහන් කරමින් නැගෙනහිර පළාත් ප‍්‍රධාන ලේකම්ගේ අත්සනින් යුතුව ෑඡුරැු01රැු1රැුඨැබ අංකයෙන් 2020.03.31 දිනැතිව ලිපියක් යොමු කර තිබුණි. එම ලිපියට අනුව නැගෙනහිර පළාත් පාසල්වල ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ දිනක වැටුප කැමැත්ත විමසීමකින් තොරව බලහත්තාරී ලෙස කපා නොගන්නා ලෙස ගුරු-විදුහල්පති සංගම් විසින් නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරියගෙන් ඉල්ලා සිටින ලදී.

එහෙත් අද දින මැයි මස වැටුප් ලැබූ නැගෙනහිර පළාත් පාසල්වල ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුනගේ වැටුපෙන් දිනක වැටුප කැමැත්තකින් තොරව බලහත්කාරී ලෙස කපා ඇත. මෙය ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප සම්බන්ධයෙන් සිදුකරන ලද බලහත්කාරී මෙන්ම අනීතික කි‍්‍රයාවකි.

1985 පේ‍්‍රමලාල් පෙරේරාට එරෙහිව වීරසූරිය නඩු තීන්දුවේ පැහැදිලිව දක්වා ඇත්තේ රාජ්‍ය සේවකයන්ගේ මුදල් කැමැත්තකින් තොරව කැපිය නොහැකි බවයි. එසේම ආයතන සංග‍්‍රහය හා මුදල් රෙගුලාසි විධිවිධාන අනුව ද රාජ්‍ය සේවකයන්ගේ වැටුප් කැමැත්තෙන් තොරව කැපිය නොහැකිය. මෙම තත්වය තුළ නැගෙනහිර පළාතේ ගුරුවරු සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් අනීතික හා බලහත්කාරී ලෙස කැපීමට එරෙහිව අධිකරණ කි‍්‍රයාමාර්ග වෙත යොමු වීමට ගුරු-විදුහල්පති වෘත්තීය සමිති එකතුව බලාපොරොත්තු වේ.

මේ ආකාරයට බලහත්කාරී ලෙස දිනක වැටුප් කැපීම පූර්වාදර්ශ කරගනිමින් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතාගේ ඉල්ලීම අනුව මසක හෝ මාස බාගයක වැටුප් කැපීමට ඉදිරියේදී සිදුවනු ඇතැයි ගුරු-විදුහල්පතිවරු බිය පළ කරති.

මෙම බලහත්කාරී කි‍්‍රයාව සම්බන්ධයෙන් ගුරු-විදුහල්පති වෘත්තීය සමිති එකතුව දැඩි විරෝධය පළ කරන සිටින අතර, කැමැත්තෙන් තොරව ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප කපා ගැනීම සම්බන්ධයෙන් වහා පියවර ගන්නා ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරියගෙන් ලිඛිතව ඉල්ලා සිටින ලදී.

මෙයට,

ජෝසප් ස්ටාලින්
කැඳවුම්කරු
ගුරු-විදුහල්පති වෘත්තීය සමිති එකතුව

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න