එක්සත් අරාබි ඒමීර් රාජ්‍යයේ අබුඩාබි හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සේවකයින් 5 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි විදේශ සබදතා අමාත්‍යාංශය පවසයි.
මේ හේතුවෙන් යළි දැනුම් දෙන තුරු එම තානාපති කාර්යාලය තාවකාලිකව වසා දැමූ බව විදේශ සබදතා අමාත්‍යාංශය කියා සිටී.
එම තානාපති කාර්යාල වෙත දිනපතා ශ්‍රී ලාංකිකයින් විවිධ සේවා කටයුතු සදහා පැමිණෙන හෙයින් ආරක්ෂිත පියවරක් ලෙස තානාපති කාර්යාලය අද (21) සිට තාවකාලිකව වසා දැමීමට කටයුතු කර ඇති බව විදේශ සබඳතා අමාත්‍යාංශයේ ප්‍රකාශිකාව පැවසුවාය .
එම සේවකයින් මේවන විට වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර ඇති අතර ඔවුන් තත්ත්වය බරපතල නොවන බව එම අමාත්‍යාංශය කියා සිටී.
මේ සම්බන්ධයෙන් අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිල වෙබ් අඩවියේද නිවේදනයක් නිකුත් කර ඇත.
හදිසි තත්ත්වයක් හේතුවෙන් තානාපති කාර්යාලය නැවත දැනුම් දෙන තුරු වසා දැමෙන අතර වසා දමා ඇති කාලය තුළ එරට වෙසෙන යම් කිසි ලාංකිකයකුට හෝ අවශ්‍ය කෙනෙකුට

