පාර්ලිමේන්තුව කැඳවන්න ඉල්ලා අකිලත් ශ්‍රේෂ්ඨාධිකරණයට !

පාර්ලිමේන්තුව කැඳවන්න ඉල්ලා අකිලත් ශ්‍රේෂ්ඨාධිකරණයට !

පාර්ලිමේන්තුව විසුරුවාහැර මාස තුනක් ගෙවීයන විට නව පාර්ලිමේන්තුවක් නොකැඳවීමෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දු කරන්නැයි ඉල්ලා එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් විසින් ඊයේ  (21) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇති බව වාර්තා වෙයි.

ඊට අනුව මාර්තු මස 02 වනදා  පාර්ලිමේන්තුව විසුරුවන්නට නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා සිය පෙත්සම් මගින් අධිකරණයෙන් ඉල්ලා තිබේ.

මෙම පෙත්සම මගින් පෙන්වා දී ඇත්තේ 08වන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු 09වන පාර්ලිමේන්තුව තෝරාපත් කිරීමේ මහමැතිවරණය ජූනි මස 20 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කළ බවත් ඒ් නිසා පාර්ලිමේන්තු ව විසුරුවා හැරි දිනයේ සිට මාස තුනකට පසු පාඑර්ලිමේන්තුව කැඳවීමට නොහැකිවන පරිදි ගෙන ඇති මැතිවරණ කොමිසමේ තීරණය නීතිවිරෝධී බවත්ය.

ඒසේම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු මාස තුනක් ඉක්ම යාමට පෙර නව පාර්ලිමේන්තු ව කැඳවනු ලැබීමට නොහැකිවීම සහ පැරණි පාර්ලිමේන්තු ව හෝ නොකැඳවීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවද පෙත්සම මගින් පෙන්වාදී ඇති බවත් වාර්තා වෙයි.

එබැවින් මෙම ක්‍රියාවලිය තුලින් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බවට තීරණය කර 08 වන පාර්ලිමේන්තුව ජූනි මස 03 වැනිදා සිට යළිත් බල පවත්වන බවට ප්‍රකාශයක් කරන ලෙස ද පෙත්සම මගින් ඉල්ලා ඇත.  

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න