කොවිඩ් ද සැක කාන්තාව සමඟ ලැගුම්හලට ගියේ ආරක්ෂක අංශ සාමාජිකයෙක්ද ? විමර්ශනයක් !

 කොවිඩ් ද සැක කාන්තාව සමඟ ලැගුම්හලට ගියේ  ආරක්ෂක අංශ සාමාජිකයෙක්ද ? විමර්ශනයක් !

කොවිඞ් 19 වෛරස් වසංගතය වැළඳී ඇති බවට සැක සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කළ කාන්තාවක් සමඟ  හෝමාගම ප‍්‍රදේශයේ තාවකාලික ලැගුම්හලකට ගිය අයෙකු සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

ඔහු ආරක්‍ෂක අංශයට සම්බන්ධ පුද්ගලයෙකු බවට සැක කෙරෙන අතර ඒ ඊට සමාන නිල ඇඳුමක් සොයාගෙන ඇති නිසාය.

කෙසේවෙතත් මෙම පුද්ගලයා ඊයේ (21) දිනයේ අදාළ ලැගුම් හලෙන් පිටව ගොස් තිබු අතර පොලිසිය පවසන්නේ ඔහුගේ යැයි සැක කෙරෙන ගමන් මල්ලක තිබී ආරක්‍ෂක අංශයට සම්බන්ධ නිල ඇදුම් සොයාගත් බවය. 

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට සැක සහිත රෝග ලක්‍ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් 1990 ගිලන් රථයක් අමතා ඇය ඊයේ  දිනයේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් වී ඇත. ඇය අලව්ව ප‍්‍රදේශයේ 45 හැවිරිදි කාන්තාවකි.

හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ජගත් කුමාර පැවසුවේ මෙම කාන්තාව සම්බන්ධයෙන් සිදුකළ පරීක්‍ෂණ වාර්තාව අද (22) පෙරවරුවේ ලැබීමට නියමිත බවයි.

ලැගුම්හල් විවෘත කිරීම මේ වනවිටත් නීතියෙන් තහනම් බවත් මෙම ලැගුම්හලද අදාළ කාන්තාවට විවෘත කර දී ඇත්තේ නීතිවිරෝධිව බවත් ඔහු සදහන් කරන අතර අදාළ ලැගුම්හලේ සේවය කළ තරුණයෙකු එම ස්ථානයේම නිරෝධායනය කිරීමට ද පියවර ගෙන ඇති බවත් පවසා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න