පිළිකා ඖෂධ හිඟයක් !

පිළිකා ඖෂධ හිඟයක් !

මහරගම පිළිකා රෝහලෙන් ප‍්‍රතිකාර ලබාගන්නා රෝගීන්ට අවශ්‍ය බෙහෙත් වර්ගවල හිඟයක් පවතින බව පිළිකා රෝහලේ අධ්‍යක්ෂ වසන්ත දිසානායක පැවසූ බව අනිද්දා පුවත්පත වාර්තා කරයි.

අදාල ඖෂධ වර්ග එක් එක් රෝගීන්ගේ පිළිකා රෝගී තත්වය අනුව ලබා දෙන බවත් ඇතැම් රෝගීන්ට විශේෂිත වන ඖෂධ වර්ගවල හිඟයක් පවතින බවත් ඊට හේතුව ආනයනය කිරීම සීමා සහිත වී ඇති බවත් රෝහලේ අධ්‍යක්ෂ පැවසූ බවත් එම පුවතේ දැක්වෙයි.

එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

අනිද්දා සමඟ අදහස් දැක්වූ රෝගීන් කිහිපදෙනෙකු පැවසුවේ පිළිකා රෝහලෙන් නොමිලේ ලබාදුන් එම ඖෂධ වෙළඳපොළෙන් මිලදී ගැනීමේදී අධික මිලක් වියදම් කිරීමට සිදුව ඇති බවය.

එක් රෝගියෙකු පැවසුවේ තමන්ට මිලදී ගැනීමට ඇති එක් ඖෂධයක් සඳහා පමණක් මසකට රුපියල් 30,000ක මුදල් මේ තත්වය මත වැය කිරීමට සිදුවී ඇති බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න