Language Switcher

V2025

යුද්ධය අස්සෙ සුද්ධ කරා වගේ කොරෝනා අස්සෙත් සුද්දෙ පටන් අරගෙන - බිමල්

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර විශාල වශයෙන් බිඳ වැටිල තියනවා. එයාලට ගොඩ එන්න අමාරුයි. ලොකු අය නම් ටිකක් බේරෙයි. ස්වයංරැකියා කරුවන් බිඳ වැටිල තියෙන්නෙ. ඒ නිසා සාමාන්‍ය ජනතාවගේ ආර්ථිකය ඉලක්ක කර ගනිමින් ආණ්ඩුව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරල නෑ." ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක චෝදනා කරයි.

රාජපක්ෂලා කොහොමත් ප්‍රසිද්ධයි යුද්ධ අස්සෙ සුද්ධ කරල. අද එතුමලාගෙ පොහොට්ටු සංවිධානෙ සභාපති මෛත්‍රීපාල සිරිසේන දාපු කොමිෂන් සභාවල ඔය රාජපක්ෂල ඔක්කොම වැරදිකරුවන් වෙලා තියනවා. ඒ නිසා යුද්ධය අස්සෙ සුද්ධ කරා වගේ මේ ගොල්ලො කොරෝනා අස්සෙත් සුද්දෙ පටන් අරගෙන තියනවා.

"අවම තරමින් මෙවැනි දේකින් හෘදය සාක්ෂිය කම්පනය වෙන්න ඕනෙ. මේ වගේ වෙලාවක රටක නායකයෙකුට පුළුවන් නම් රුපියල් මිලියන අටක් වියදම් කරල පිට්ටනි හදන්න, මෙච්චර අමාරු වෙලාවක තිස් එක්දහස් හත්සීයක් ණයට අරගෙන අධිවේගී මාර්ගයට කෑල්ලක් හදන්න ඒකෙන් තේරෙනව ඒ නායකයා රට ගැන හිතන විදිහ" ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ අදහස් දක්වා ඇත්තේ රාවය පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවක් සඳහා එක්වෙමින්ය.

එම සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහත දැක්වෙයි.

රට විවෘත කිරීමේ ක්‍රියාවලිය මෙය ඔබ කොහොමද දකින්නේ?

මූලධර්මයක් විදිහට කවදහරි රට විවෘත කරන්න වෙනවා. විවෘත කරන්න වෙන්නෙත් කොටස් වශයෙන් තමයි. ඒ ඔක්කොම ඇත්ත. නමුත් අපි රට විවෘත කරන්නෙ වහපු වෙලාවට වඩා වැඩියෙන් ලෙඞ්ඩු හම්බෙන වෙලාවක. වහන වෙලාවෙ දවසකට ලෙඞ්ඩු පහයි හයයි මුණ ගැහුණෙ. දැන් ලෙඞ්ඩු දවසකට විස්ස පැනල හම්බෙනවා. ඒ නිසා අපි දකින විදිහට රට විවෘත කරල තියෙන්නෙ කිසිසේත්ම සෞඛ්‍ය නිර්දේශ මත නෙවෙයි. අපි දැකල නෑ සෞඛ්‍ය අමාත්‍යාංශය හරි, ආණ්ඩුවට හිතවත් ජී.එම්.ඕ ඒ. එක හරි රට විවෘත කරන්න කියල කියනවා. ඒ නිසා දේශපාලන හා ආර්ථිකමය අවශ්‍යතා මත පමණක් රට විවෘත කිරීමෙන් බරපතළ අර්බුදවලට මුහුණදීමට සිදුවිය හැකියි. මොකද අපේ රට වගේම විවෘත කරපු අනිත් රටවලත් මේ වෙද්දි දෙවනි රැලි ආරම්භ වෙලා තියනවා.

ඒ වගේම මතක් කරන්න ඕනෙ ඒ රටවල් දකුණු කොරියාව, ජපානය, වියට්නාමය වගේ රටවල් අපට වඩා මාසයකට කලින් වහපු රටවල්. ඔවුන් ඇරපු නිසා අපිත් ඇරිය කියන තර්කය සාධාරණ නෑ. මොකද ඒ ගොල්ලො වැහුවෙ අපට කලින්.

ඒ වගේම අනිත් රටවල් කොරෝනා මර්දනයට ගෙන ගිය වැඩපිළිවෙළ වුණේ විශාල වශයෙන් පරීක්ෂණ කරමින් රෝගීන් හඳුනා ගැනීම. හැබැයි අපි වගේ රටවල්වලට ඒක කරන්න බෑ. මොකද අපට මහා පරිමාණයෙන් පුද්ගලයන් පරීක්ෂා කිරීමේ පහසුකම් නෑ. උදාහරණයට වූහාන් විවෘත කරල මේ දවස්වල මිලියන පහක් පරීක්ෂණ කරනව. ඒ වගේ දේවල් අපට හිතන්නවත් බෑ. ඒ නිසා රට විවෘත කිරීම විද්‍යානුකූල තර්කානුකූල පදනමක් මත සිදුකරන්නක් නොවේ.

නොමිලේ සෞඛ්‍ය සේවාව තියන නිසා සහ ක්‍රියාත්මක වෙච්ච සෞඛ්‍ය වැඩපිළිවෙළ තුළ රෝගය සෑහෙන දුරට පාලනය කර ගැනීමට හැකිවෙලා තියනවා. අපේ රට කොරෝනා මර්දනය සම්බන්ධව අසාර්ථක වෙලා තියෙන්නෙ රට වසා දැමීමට සිදුවීම තුළ ඇද වැටුණු ජන ජීවිතය කළමනාකරණය. ඒ නිසා ජවිපෙ වශයෙන් ඒ ජන ජීවිතය කළමනාකරණය කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා.

රජය මේ වන විට රට ආර්ථිකමය වශයෙන් රට ගොඩ ගැනීම සඳහා ක්‍රියාත්මක කරමින් පවතින වැඩපිළිවෙළ පිළිබඳව අදහස කුමක්ද?

කොරෝනාවට කලිනුත් අපි හිටියෙ නන්නත්තාර වෙච්ච ආර්ථිකයක. ඒ නිසා අපි කියන්නෙ හිටපු තැනට යන්න ඕනෙ නෑ. හිටපු එක අන්තිම නරකයි, රට ගෙන යායුත්තේ අලුත් තැනකට. ඒ නිසා ආණ්ඩුව පැත්තෙන් නාස්තිකාර සෝබන වියදම්, හොරකම් කරන ඒව, තමන්ගෙ සුඛ විහරණය වෙනුවෙන් වැඩ කරන ඒව වෙනස් විය යුතුයි. නමුත් අපි දන්නව ඒ වෙනස් කරගන්නෙත් නෑ, වෙනස් වෙන්නෙත් නෑනෙ.

රාජපක්ෂලා කොහොමත් ප්‍රසිද්ධයි යුද්ධ අස්සෙ සුද්ධ කරල. අද එතුමලාගෙ පොහොට්ටු සංවිධානෙ සභාපති මෛත්‍රීපාල සිරිසේන දාපු කොමිෂන් සභාවල ඔය රාජපක්ෂල ඔක්කොම වැරදිකරුවන් වෙලා තියනවා. ඒ නිසා යුද්ධය අස්සෙ සුද්ධ කරා වගේ මේ ගොල්ලො කොරෝනා අස්සෙත් සුද්දෙ පටන් අරගෙන තියනවා.

අධිවේගී මාර්ග හදන්න රුපියල් මිලියන තිස් එක්දහස් හත්සීයක් චීනෙන් ණයට ගන්නව. මේක සංසන්දනය කළොත් පවුල් ලක්ෂ පනහකට රුපියල් පන්දාහ දෙන්න ආණ්ඩුවට යන්නෙ මිලියන විසිහය දාහයි. මධ්‍යම අධිවේගී මාර්ගයේ පළවෙනි කොටස හදන්න චීනයෙන් ගන්න ණයට යනව මිලියන තිස් එක්දහස් හත්සීයක්. එතකොට මේ වෙලාවෙ අධික පොලියට, ටෙන්ඩර් නැතුව ගන්නෙ අනිවාර්යෙන්ම සුද්දෙට. හෝමාගම හදනවයි කියන ක්‍රීඩාංගණය අපට පේන්නෙත් ඒ විදිහට.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර විශාල වශයෙන් බිඳ වැටිල තියනවා. එයාලට ගොඩ එන්න අමාරුයි. ලොකු අය නම් ටිකක් බේරෙයි. ස්වයංරැකියා කරුවන් බිඳ වැටිල තියෙන්නෙ. ඒ නිසා සාමාන්‍ය ජනතාවගේ ආර්ථිකය ඉලක්ක කර ගනිමින් ආණ්ඩුව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරල නෑ.

අවම තරමින් මෙවැනි දේකින් හෘදය සාක්ෂිය කම්පනය වෙන්න ඕනෙ. මේ වගේ වෙලාවක රටක නායකයෙකුට පුළුවන් නම් රුපියල් මිලියන අටක් වියදම් කරල පිට්ටනි හදන්න, මෙච්චර අමාරු වෙලාවක තිස් එක්දහස් හත්සීයක් ණයට අරගෙන අධිවේගී මාර්ගයට කෑල්ලක් හදන්න ඒකෙන් තේරෙනව ඒ නායකයා රට ගැන හිතන විදිහ.

මැතිවරණ පැවැත්වීම සම්බන්ධව මේ වෙද්දි අධිකරණයට පෙත්සම් කිහිපයක් ඉදිරිපත් කරල තියනවා. ඒ අනුව කිසියම් ආකාරයකට අධිකරණය මැතිවරණය සඳහා දිනයක් නියම කරනු ලැබුවොත් පක්ෂයක් විදිහට මැතිවරණයකට සූදානම්ද?

අපේ මතය මේ මොහොතේ මැතිවරණ පැවැත්වීමේ ඉඩකඩක් නෑ. ඒ වගෙම රටේ අධිකරණ තීන්දුවට අනුව කටයුතු කරන්න වෙනව කියන එක පිළිබඳව සැකයකුත් නෑ. නමුත් ඉතාම පැහැදිලිව අපි කියන්නෙ මැතිවරණයක් කියන්නෙ රටක ලොකුම සංවිධාන කාර්යභාරය, ලොකුම මහජන මෙහෙයුම. එහෙම දෙයක් කරන්න වෙන්නෙ රටේ සාමාන්‍ය තත්ත්වයක් ඇතිවෙලා මාස දෙකකට තුනකටවත් පස්සෙ. නීති පොත්වල තිබුණත් නැතත් ඒව සාමාන්‍ය දැනීම්. තාම අපට මළගෙදරක්, මඟුල් ගෙදරක් සාමාන්‍ය පරිදි කරගන්න බෑ. තවම කාර්යාලවලට කාර්ය මණ්ඩල තුනෙන් පංගුවකට වඩා ගේන්න කියල සෞඛ්‍ය අංශ කියන්නෙ නෑ. ඉස්කෝල පටන් අරගන්න බෑ. එහෙම තියෙද්දි අපි හිතනව අධිකරණය ඒ පිළිබඳව සැලකිලිමත් වෙයි කියලා.

අනිත් එක පාර්ලිමේන්තු මැතිවරණය කියන්නෙ ඕනෙම රටක තියන ලොකුම වැදගත්ම මැතිවරණය. එවැනි මැතිවරණයකදී ඒ තුළ ඇතිවෙන්න ඕනෙ ජාතික, මහජන සාකච්ඡාව එක විෂයකට සීමාවීම බරපතළ අපරාධයක්. මේ වෙලාවෙ ඡන්දය තිබ්බොත් සීයට අනූනවයක්ම එන්නෙ කොරෝන කරපු විදිහයි, කොරෝනා නොකරපු විදිහයි ගැන සාකච්ඡාවක්. විද්‍යාඥයන් කියන්නෙ කොරෝනා තව මාස හයක්, අවුරුද්දක් තියෙයි කියල. එතකොට අපි සාකච්ඡා කළ යුතු, ආණ්ඩුවකට පෙළඹුමක් ඇතිකරගත යුතු ප්‍රධාන ආර්ථිකයේ ප්‍රශ්න, අධ්‍යාපනයේ ප්‍රශ්න, කෘෂිකර්මාන්තයේ ප්‍රශ්න වගේ ඕනෙම ප්‍රධාන මැතිවරණය ප්‍රබල ලෙස ඉස්මතුවිය යුතු ප්‍රශ්න යට ගිහිල්ල, මේ කම්පනයත් සමග ඡන්දය තිබ්බහම විශාල හානියක් සිදු වෙනවා.

දකුණු කොරියාවෙ ඡන්දය තිබ්බට පස්සෙ එහේ විශේෂඥයන් කියන්නෙ සාකච්ඡාව සීයට අනූ නවයක්ම කොටු වුණා කොරෝනාවලට. ඒ නිසා දකුණු කොරියාව මුහුණ දීල තියන බරපතළ ආර්ථික ප්‍රශ්න ඇතුළු සාකච්ඡාවට බඳුන්විය යුතු ගැටලු සාකච්ඡා වුණේ නෑ කියලා. රටක් වශයෙන් කොරෝනාවලින් බේරිලා ඡන්දය පැවැත්විය යුතුයි කියලයි අපි හිතන්නේ. ■