Language Switcher

V2025

1-2 වසරට : අන්තර්ජාලය නැතත් නිවසේ සිට ඉගෙනුමට මුද්‍රිත ඉගෙනුම් කට්ටල !

1 සහ 2 ශ්‍රේණිවල සිසුන් වෙනුවෙන් අන්තර්ජාල හෝ රූපවාහිනී පහසුකම් නොමැතිව වුවදනිවසේ සිට ක්‍රියාකාරකම් පාදකව අධ්‍යාපනය අඛණ්ඩව කරගෙන යාමට ඉඩප්‍රස්ථා සලස්වමින් ඔස්ට්‍රේලියානු රජය සහ Unicef Sri LankaSave the ChildrenRoom to Read, Child Fund Sri Lanka යනආයතන, අධ්‍යාපන අමාත්‍යංශය සහ ජාතික අධ්‍යාපන ආයතන සමග එක්ව ඉගෙනුම් ද්‍රව්‍ය පැකේජයක් හඳුන්වා දී තිබේ.

ශ්‍රී ලංකාවේ සමස්ත ශිෂ්‍ය ජනගහනයෙන් හය ලක්ෂ හැට පන්දහසකට (665,000) ආසන්න ප්‍රාථමික අධ්‍යයන අදියරෙහි 1, 2  ශ්‍රේණිවල සිසුන් ඉලක්ක කරගනිමින් මෙම  මුද්‍රිත ඉගෙනුම් ද්‍රව්‍ය සම්පාදනය කර ඇති අතර, මේ වන විටත්පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු වෙත මෙම ඉගෙනුම් ද්‍රව්‍ය යොමු කර ඇත.

1 සහ 2 ශ්‍රේණිවල සිසුන්ට මව්බස, ගණිතය සහ පරිසරය ආශ්‍රිත විෂය ක්‍රියාකාරකම් සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් හැදෑරීමට මෙම පැකේජ උපකාරී වන අතරදෙමව්පියන් විසින් නිවෙස්ගත ව සිටින තම දරුවන් මේ සදහා යොමුකිරීම මෙන්ම,  ඉගෙනුම් ද්‍රව්‍ය භාවිත කිරීමේදී ඔවුනට සහාය වීම අත්‍යාවශය හා වැදගත් වන බව අධ්‍යාපන අමාත්‍යංශය අවධාරණය කරයි.

කොවිඩ්19   වසංගත තත්ත්වයේ බලපෑමට මුහුණ දීමට සහ එම අභියෝගය හමුවේ සුබවාදී ව කටයුතු කිරීමට මෙරට දරුවන්ට ඉඩප්‍රස්ථා සැලසීම වෙනුවෙන් ඔස්ට්‍රේලියානු රජය විසින් මෑතකදී නිවේදනය කළ ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 1.5 ක මූල්‍ය ආධාරයෙහි එක් පියවරක් ලෙස මෙම ඉගෙනුම් ද්‍රව්‍ය සම්පාදනය කර ප්‍රාථමික ශ්‍රේණි සිසුන් වෙත ලබාදීමට පියවර ගෙන තිබේ.

ශ්‍රී ලාංකේය සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු තිරසාර තත්ත්වයට පත් කිරීමේ අවශ්‍යතාව යථාර්ථයක් බවට පත් කිරීම සඳහා ඔවුන් අතර බෙදා දීමට නියමිත මෙම මුද්‍රිත ඉගැන්වීම් කට්ටල නිල වශයෙන් භාර ගැනීමේ හමුව ඊයේ (26) වන දින අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ දී පැවැති අතර  රට තුළ මතුව ඇති අභියෝගාත්මක තත්ත්වය හමුවේ නිවෙස්ගත ව සිටින පාසල් දරු දැරියන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව හා සක්‍රීයව පවත්වා ගැනීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මේ වන විටත්ඉ තක්සලාවරටක් වටින පොතක් වැඩසටහනගුරුගෙදර රූපවාහිනි අධ්‍යාපන නාලිකාව ආරම්භ කිරීම ඇතුළු පියවර රැසක් ක්‍රියාවට නංවා ඇති බවත්යුනිසෙෆ් ශ්‍රී ලංකා ආයතනය, ඔස්ට්‍රේලියානු රජය ඇතුළු ආයතන විසින් ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් වෙත ලබා දෙන්නාවූ මෙම සහයෝගය කෘතවේදීව අගය කරන බවත් අමාත්‍යවරයා මෙහිදී  සඳහන් කළේය.

මෙම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හැනා සිංගර් ( Hanaa Singer),  යුනිසෙෆ් ශ්‍රී ලංකා ආයතනයේ නියෝජිත ටිම් සුටන් (Tim Sutton) , යුනිසෙෆ් ශ්‍රී ලංකා අධ්‍යාපන ප්‍රදානී ටකාහෝ ෆුකාමී (Takaho Fukami) , රූම් ටු රීඩ්ආයතනයේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ ශෙවන්ති ජයසූරිය, Save the Children ආයතනයේ ජාතික අධ්‍යක්ෂ ජුලියන් චෙල්ලප්පා ඇතුළු පිරිසක් සහභාගී වූ අතර, අධ්‍යාපන අමාත්‍යාංශය නියෝජනය කරමින් අමාත්‍යාංශ ලේකම් එන්. එච්. එම්. චිත්‍රානන්ද, අමාත්‍යාංශ උපදේශක ආචාර්යය උපාලි සේදර, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් රංජිත් චන්‍ද්‍රසේකර සහ ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වූහ.