ගෆූර් ගොඩනැගිල්ලෙත් කොවිඩ් : රෝගීන් ඉහළට :ජුනි මුල ඇඳිරි නීති ක්‍රමවේදය මෙන්න !

ගෆූර් ගොඩනැගිල්ලෙත් කොවිඩ් : රෝගීන් ඉහළට :ජුනි මුල ඇඳිරි නීති ක්‍රමවේදය මෙන්න !

ජුනි පළමු සතියේ ඇඳිරි නීති තත්ත්වය සම්බන්ධව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත්කර ඇත.

ඊට අනූව ජූනි 06 සෙනසුරාදා දක්වා සහ ඉන්පසු රට තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ආකාරය ජනාධිපති මාධ්‍ය අංශ විසින් දැනුම දී ඇත.

ඒ අනුව, මැයි 31 ඉරිදා, දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරේ. 

ජූනි 01 සඳුදා සිට ජූනි 03 බදාදා තෙක් සියලු දිස්ත්‍රීක්කවල ඇඳිරි නීතිය බලපවත්වන්නේ පෙර පරිදි රාත්‍රී 10.00 සිට අළුයම 4.00 දක්වාය.

ජූනි 04 බ්‍රහස්පතින්දා සහ ජූනි 05 සිකුරාදා දෙදිනම රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙයි.

ජූනි 06 සෙනසුරාදා සිට සියලු දිස්ත්‍රීක්කවල නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ පෙර පරිදි රාත්‍රී 10.00 සිට අළුයම 4.00 දක්වා පමණි. 

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයට අවසර ඇත.

ගෆූර් ගොඩනැගිල්ලේ කොවිඩ් මතුවෙයි !

මේ අතර පිටකොටුවේ පිහිටි ගෆූර් ගොඩනැගිල්ලෙන් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වීමත් සමග එම ගොඩනැගිල්ල හුදෙකලා කර තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාජල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරන්නේ මෙලෙස ආසාදිත වූ පුද්ගලයා නාවික හමුදා සෙබළකු බවයි.

ඒ සමගම එම ගොඩනැගිල්ලේ සිටි දෙසීයක පමණ වූ නාවික හමුදා සාමාජිකයන් ද එතුළම නිරෝධායන ක්‍රියාවලියට ලක් කර තිබේ.

වැලිසර නාවික හමුදා කඳවුරේ රඳවා ප‍්‍රතිකාර කරන නාවුක සෙබළුන්ට සැපයුම් අවශ්‍යතාවලට යොදා ගනු ලැබූ මෙම නාවික හමුදා පිරිස බාහිර සමාජයට මිශ්‍ර නොවන ලෙස එහි රඳවා සිටි බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක වෙත පවසා ඇත.

කොවිඩ් ආසාදිතයින් වැඩිවෙයි !

ඊයේ (27) දිනයේදී පමණක් මෙරට තුළ කොරෝනා ආසාදිතයන් 150 දෙනෙකු අලුතින් හඳුනාගෙන තිබේ.

එය මෙරට එක් දිනකදී හදුනාගත් වැඩිම ආසාදිත ප්‍රමාණයයි.

ඔවුන් ද සමඟ මෙරටින් කොරෝනා ආසාදිතයන් හමුවූ ප්‍රමාණය 1469 දක්වා ඉහළ ගොස් ඇත.

ඊයේ දිනයේ හඳුනාගත් පිරිස අතර 97 දෙනෙකු විදේශයන්හි සිට පැමිණි අය වන අතර සෙසු පිරිස නාවික හමුදා සාමාජිකයන්ය.

මෙම පිරිස සමගින් මෙරට සුව වීමේ ප්‍රතිශතය 50% සීමාවෙන් පහළට පැමිණ තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න