අර්ජුන් මහේන්ද්‍ර ගේන්න සිරිසේන අත්සන් 21000ක් ගහලා !

අර්ජුන් මහේන්ද්‍ර ගේන්න සිරිසේන අත්සන් 21000ක් ගහලා !

හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීම වෙනුවෙන් ඉදිරිපත් කළ ලිපිලේඛන සඳහා අත්සන් විසිඑක්දහසක් පමණ යෙදීමට තමන්ට සිදු වූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  පවසයි.

පසුගියදා පුවත්පතක පළ වු පුවතක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළ අතර ඒ පොළොන්නරුවේ පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපති සිරිසේන  මෙසේද  පැවසීය.

"වෝහාරික විගණනය ජනතාව දැනගත්තේ මං පත් කළ කොමිසමේ වාර්තාවෙන්.

මෙම වාර්තාව තුළ ප්‍රධාන වගඋත්තරකරු අර්ජුන් මහේන්ද්‍රන්.
 
මම 2019 දි සිංගප්පුරු අගමැතිව පෞද්ගලිකව හම්බවුණා.

එහිදී මම කිව්වා සියලු ලිපි ලේඛන එවලා තියෙනවා, අර්ජුන් මහේන්ද්‍රන්ව ලංකාවට භාරදෙන්න කියලා ඉල්ලීමක් කළා.

මහේන්ද්‍රන් ගෙන්වා ගන්න නීතිපති දෙපාර්තමේන්තුව හදපු ලිපිවලට මට අත්සන් 21000ක් ගහන්න වුණා.

ඒ නිසා අත්සන් කළ තුන්වැනි දවසේදි අතේ දියපට්ට ආවා.

ජනාධිපති විදිහට මම අර්ජුන මහේන්ද්‍රන් ගෙන්වාගන්න අත්සන් ගැහුවා..ඒ විදිහේ වැඩ කොටසක් මම කළා."

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න