Language Switcher

V2025

ස්වර්ණවාහිනී රහස් ගනුදෙනුවේ සැඟවුණු ගැනුම්කරු හෙළිවෙයි !

මූල්‍ය අර්බුදයකට මුහුණ පා ඇති EAP ව්‍යාපාර සමූහය, ඔවුන් සතු මෙරට ප්‍ර‍මුඛ පෙළේ මාධ්‍ය ජාලයක් වන 'ස්වර්ණවාහිනී' මාධ්‍ය ජාලය ඇතුළු වත්කම් විදේශීය සමාගමකට අළෙවි කිරීමේ රහස් ගනුදෙනුවේ මෙතෙක් හෙළි නොවූ නවතම තොරතුරු ගොන්නක් මේ වනවිට හෙළිදරව් වෙමින් පවතින බව 'මව්බිම' පුවත්පත වාර්තා කර තිබේ.

ස්වර්ණවාහිනිය ඉහළ මිලකට ගැනීමට දේශීය සමාගම් කීපයක් ඉදිරිපත් වී සිටියද මැලේෂියානු ජාතිකයකු වන සුදීර් ජයරාම්ට (Sudeer jaram) අයත් සිංගප්පුරුවේ ලියාපදිංචි Straits Grid Pvt. Ltd. නමැති සමාගමට කුණු කොල්ලයට විකිණීමට අගමැතිවරයාගේ හා මලික් සමරවික්‍ර‍ම ඇමැතිවරයාගේ පෙළඹවීම මත ශ්‍රී ලංකා මහාබැංකුව තීන්දු කර ඇතිබව පසුගිය දිනවල මධ්‍ය වාර්ථා කර තිබුණි.

ගනුදෙනුවට මැදිහත් වූ බ්‍රෝකර්වරයා ලෙස කටයුතු කරන මැලේසියානු ව්‍යාපාරික සුදීර් ජයරාම් විසින් අදාළ වත්කම් සඳහා ඉදිරිපත් කරන ලද මිල වන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 60කි.

මේ වන විට ලැබෙන නවතම තොරතුරුවලට අනුව අනාවරණය වන්නේ සුදීර් ජයරාම්ව ඉත්තකු ලෙස යොදාගෙන මෙම ගනුදෙනුව සිදු කරන්නේ බ්‍රිතාන්‍යයේ සිට ක්‍රියාත්මක වන ලයිකා මොබයිල් සමාගමේ අයිතිකරුවා වන අලිරාජ් සුභාෂ්කරන් නම් කුප්‍ර‍කට ව්‍යාපාරිකයා බව 'මව්බිම' පුවත් වාර්තාවේ සඳහන් වේ.

 අරාබි ජාතිකයකු යොදා ගෙන අලුත්ම මුහුණුවරකින්:

සුදීර් ජයරාම් හා ස්වර්ණවාහිනී ගනුදෙනුව පිළිබඳ පසුගිය කාලයේ දිගින් දිගටම මෙරට මාධ්‍ය කළ අනාවරණයන් නිසා සුදීර් ජයරාම්ගේ ප්‍ර‍තිරූපය බිඳවැටී ඇති බැවින් මේ වන විට මෙම ගනුදෙනුවෙන් සුදීර් ඉවත් කර ඒ වෙනුවට අරාබි ජාතිකයකු යොදා ගෙන අලුත්ම මුහුණුවරකින් ගනුදෙනුව යළි ඇරඹීමට මේ වන විට සැලසුම් සකස් කරමින් සිටිති.

ශ්‍රී ලංකාවේ මුලතිව් හී ඉපිද පසුව ප්‍ර‍ංශයට ගොස් ඇති අලිරාජ් සුභාෂ්කරන් බ්‍රිතාන්‍යයේ කොන්සවේටිව් පක්ෂයේ හා හිටපු අගමැති ජෝන් මේජර්ගේ ප්‍ර‍බල මූල්‍ය ආධාරකරුවකු වන අතර අගමැති රනිල් වික්‍ර‍මසිංහ මහතාගේ ද සමීපතමයකු බව වාර්තා වේ.

බ්‍රිතාන්‍යයේ හිදිමින් ලයිකා මොබයිල්, ලයිකා හෙල්ත්, ලයිකා ෆලයි, ලයිකා එන්ටර්ටේට්මන්ට් ලෙස ලොව පුරා රටවල් 21ක ව්‍යාපාර පවත්වාගෙන යන මෙම ව්‍යාපාරිකයා, මිලියන ගණනින් බදු වංචා කිරීම හා මුදල් විසුද්දි කරණය යන චෝදනා මත ප්‍ර‍ංශ පොලිසියේ අත්අඩංගුවටද පත්ව තිබේ.

මුලාශ පුවත:

EAP ගනුදෙනුවේ සැඟවුණු ගැනුම්කරු හෙළිවෙයි 

සබැඳි පුවත් :

 ජනාධිපති, 'ස්වර්ණවාහිනි' ප්‍රශ්නයට 'අතදාන' ලකුණු !

මහ බැංකු අධිපති ස්වර්ණවාහිනිය මැලේෂියානු සමාගමකට විකුණයි - පාඩුව කෝටි 20යි !

ETI අර්බුදය අතිශයින් බරපතලයි : දේශපාලකයෙක් වැඩට බැහැලා !

ගෝල්ඩන් කී වංචාවටත් වඩා බරපතල වංචාවක් !

ස්වර්ණවාහිනිය ඩොලර් මිලියන 60කට සිංගප්පුරු සමාගමකට !

මෙම ගනුදෙනුවට අදාළ ලියකියවිලි

d713d155 a657 47cb 8d1f d2b2059165c1

e563a1d2 8b4f 491f a2f9 1451edda6ded

f526984a 3fc0 4585 b078 4f4f11eb516c