කිරි හරක් ආනයනය පිටුපස මහා කොමිස් ගැහිල්ලක් - රතන හිමි සහතික කරයි !

කිරි හරක් ආනයනය පිටුපස මහා කොමිස් ගැහිල්ලක් - රතන හිමි සහතික කරයි !

පොදුජන පෙරමුණ ආණ්ඩුව සහ පැවති රාජපක්ෂ පාලනය අතර වෙනසක් නොමැති බවත් 2015 පරාජයට හේතුවූ දේ යළිත් අඛණ්ඩව ඉදිරිපත් වෙමින් ඇති බවත් පෙනෙන්නට ඇත.

ඊට එක් සාක්ෂියක් වන්නේ ඕස්ට්‍රේලියානු කිරි ගවයන් 2500 ක් ආනයනය කිරීමට සූදානම් වීමය.

ආණ්ඩුව නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි පවසන්නේ ඕස්ට්‍රේලියානු කිරි ගවයින් 2500ක් ශ්‍රී ලංකාවට ගෙන්වීමට අයිතිය තීරණය කර ඇත්තේ කොමිස් ගැසීමේ උවමනාව මතම බවය.

ඕස්ට්‍රේලියානු කිරි ගවයන් මෙරට බොහෝ ප්‍රදේශවල ඇති කිරීමට නොහැකි බවද පවසන උන්වහන්සේ රුපියල් කෝටි ගණනක් වැය කරමින් මෙම කටයුත්ත සිදු කරන්නේ කොමිස් ගැසීම සඳහාම පමණක් යැයිද කියා සිටිති.

ලංකාවට ගැලපෙන්නේ ඉන්දියානු පකිස්ථාන අප්‍රිකානු සහ බ්‍රසීල වර්ගවල කිරි ගවයන් බවද උන්වහන්සේ සඳහන් කරති.

මේ ආණ්ඩුව මහ මෝඩ ආණ්ඩුවක් බවත් කොමිස් ගැසීමට තියෙන උවමනාව නිසා කරන ජාතියකට කරන මේ අපරාධ හේතුවෙන් හෙන ගහනවා යැයි ද උන්වහන්සේ සඳහන් කලහ.

රතන හිමියන් මෙම අදහස් පළ කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න