සංචාරක ඒජන්ත ආයතන වැසීගෙන යනවා : ආණ්ඩුව දෙනවා කියපු සහනය කෝ ? මහේෂ්

සංචාරක ඒජන්ත ආයතන වැසීගෙන යනවා : ආණ්ඩුව දෙනවා කියපු සහනය කෝ ? මහේෂ්

සංචාරක ක්ශේත්‍රයේ ප්‍රමුඛ කර්තව්‍යයක් සිදුකරන සංචාරක ඒජන්ත ආයතන මේ වන විට දැඩි මූල්‍ය දුෂ්කරතාවට මුහුණදී පවත්වාගෙන යාමට නොහැකිව වැසෙමින් ඇති බව අනාවරණය වෙයි.

 මේ සම්බන්ධව අනාවරණය සිදුකර සිටියේ මාධ්‍යවේදියකු මෙන්ම එළැබෙන මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මහනුවර දිස්ත්‍රික්කය සඳහා අපේක්ෂකත්වය ලබා සිටින මහේෂ් සේනානායකය.
 
සමාජ මාධ්‍ය වෙත විශේෂ වීඩියෝවක් නිකුත්කරමින් ඔහු මේ බව සඳහන් කර සිටියි.
 
මෙහිදී ඔහු චෝදනා කරන්නේ කොවිඩ් වසංගතය හමුවේ අර්බුදයට ගිය   සංචාරක ව්‍යාපාරය සඳහා සහන දෙන බවට රජය ප්‍රතිඥාදී මාස 2ක් ගතවී ඇතත් ඒ කිසිදු සහනයක් ලබාදී නොමැති බවය. එබැවින් එම සහනය කඩිනමින් සංචාරක ව්‍යාපාරය ආශ්‍රිතව ලබාදීමට රජය වහාම මැදිහත්වීම අවශ්‍ය බවත් ඔහු අවධාරණය කරයි.
 
එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද සඳහන් කරයි.
 
" කොවිඩ් වසංගතය සහ ඒ ආශ්‍රිත ආර්ථික අර්බුදය හමුවේ සංචාරක ව්‍යාපාරය දැඩි පසුබෑමකට ලක්ව තිබේ. සංචාරක ව්‍යාපාරයේ ප්‍රධාන අංගයක් වන සංචාරක ඒජන්ත ආයතන මේ වන විට සේවක වැටුප් ගෙවාගත නොහැකි ව, කුලී ගෙවා ගැනීමට නොහැකි ව දැඩි අර්බුදයකට මුහුණ දී සිටිනවා. 
 
මීට මාස දෙකකට පෙර රජය ප්‍රතිඥාවක් ලබා දුන්නා   සංචාරක ව්‍යාපාරය සහ එහි නියැලී සිටින සියලු පාර්ශ්වයන්ට යම් සහනයක් ලබා දෙන බව. නමුත් මේ දක්වා එය ඉටුවී නෑ. සංචාරක ඒජන්ත  ආයතන එකින් එක  වැසී යමින් තිබෙනවා. ඒ නිසා ක්ශේත්‍රයේ නිපුනතා ඇති රැසක් මේ ව්‍යාපාරයෙන් ඈත් වෙමින් සිටිනවා.
 
 රජය මේ මොහොතේ ප්‍රායෝගික වැඩපිළිවෙලකට යොමු විය යුතු යි.  අවම වශයෙන්  සංචාරක ආයතනයේ ලියාපදිංචි TDL බදු ගෙවන සංචාරක ඒජන්ත ආයතන වෙත එම TDL බද්ද හරහා කිසියම් අරමුදලක් නිර්මාණය කර ණය මුදලක් හෝ ලබාදීමට අවශ්‍යයි"
 
මේ අදහස් දැක්වූ මාධ්‍යවේදී සහ එජාප මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක මහේෂ් සේනානායක දැක්වූ අදහස් ඇතුළත් වීඩියෝව පහත දැක්වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න