ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නැගෙනහිර පළාත තුළ පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපිත කර විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
නැගෙනහිර පළාත තුළ පිහිටි පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථාන හඳුනා ගැනීම එහි ප්‍රධාන කාර්යයි. එසේ හඳුනා ගත් ස්ථාන හා පුරාවස්තු සංරක්ෂණය කරමින් ඒවා කළමණාකරණය සඳහා සුදුසු වැඩපිළිවලක් හඳුනා ගැනීම මෙන්ම ක්‍රියාත්මක කිරිම ද මෙම බළකායට පවරා ඇත.
මෙම කාර්ය සාධක බළකායේ සභාපති ලෙස පත්කර ඇත්තේ ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්නයි. එහි සෙසු සාමාජිකයින් මෙසේය.
ජනාධිපතිවරයා මෙවැනි ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපිත කර ඇත්තේ, නැගෙනහිර පළාතේ සිංහල - බෞද්ධ පුරාවිද්‍යාත්මක ස්ථානවල අන්‍යාගමික පිරිස් පදිංචි වෙමින් ඒවා විනාශ කරමින් සිටින බවට ඉකුත් සමයේ සිංහල සංවිධාන හා දකුණේ බොහෝ මාධ්‍ය දිගින් දිගටම තොරතුරු අනාවරණ කරමින් සිටිය දිය.
එම බලපෑම් යටතේ නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරීමට පත්කර ඇති කමිටුවට දෙමල හෝ මුස්ලිම් ජාතිකයින් කිසිවකුත් ඇතුලත් කර නොතිබීම සුවිශේෂී කාරණයකි.
සුරක්ෂිත රටක්, විනය ගරුක, ගුණ ගරුක සහ නීති ගරුක සමාජයක් පිහිටුවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් තවත් ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවා තිබේ. එය සමන්විත වන්නේ සිංහල යුද නිලධාරීන් සහ පොලිස් නිලධාරීන්ගෙනි. මේ අනුව ගුණ ගරුක සමාජය ක් ඇති කිරීම ද දැන් මිලිටරියට බාරදී තිබේ.
එහි සිටින එකම සිංහල නොවන නිලධාරියා රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරල් සුරේශ් සාලි පමණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
