සෙස් බද්ද වැඩි කිරීමෙන් :සිමෙන්ති මිල වැඩිවීමේ අවධානමක් !

සෙස් බද්ද වැඩි කිරීමෙන් :සිමෙන්ති මිල වැඩිවීමේ අවධානමක් !

සෙස් බද්ද වැඩිවීමෙන් සිමෙන්ති මිල ඉහළ යාමේ අවධානමක් ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.එහි සභාපති රංජිත් විතානගේ ගේ අත්සනින් නිකුත්කර ඇති විශේෂ නිවේදනයක මේ බව සඳහන් අතර එය පහත දැක්වෙයි.

අප රටේ සිමෙන්ති කර්මාන්තය සිදුවන ආකාර කිහිපයක් ඇත.

සිමෙන්ති නිෂ්පාදනය කිරීම සදහා අවශ්‍ය වන අමුද්‍රව්‍ය වන Clinkers මෙරටට ආනයනය කර සිමෙන්ති නිෂ්පාදනය කිරීම ඉන් එක් ආකාරයකි. අනෙක් ආකාරය වන්නේ සිමෙන්ති කුඩු මෙරටට ආනයනය කර මෙහිදී සිමෙන්ති ලෙස ඇසුරුම් කිරීමයි. අනෙක් අකාරය වන්නේ සිමෙන්ති අසුරා මෙරටට ආනයන කිරීමයි. 

මේ සදහා වෙනම සෙස් බදු හදුන්වා දී ඇත.

2017 නොවැම්බර් මස 27 වන දින එවකට අමාත්‍යාංශය භාරව සිටි මලික් සමරවික්‍රම මහාතාගේ නියෝගයකට අනුව අදාල වන සෙස් බදු මෙසේය.    

01.සිමෙන්ති කුඩු ආනයනය සදහා සෙස් බද්ද          8/%

02.සිමෙන්ති බෑග් ආනයනය සදහා  සෙස් බද්ද       14%

Screenshot 20200605 112121

2020 ජුනි 03 වන දින අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙම සෙස් බද්ද මෙලෙස සංශෝධනය කරනු ලබයි.

01.සිමෙන්ති කුඩු ආනයනය සදහා සෙස් බද්ද        රු.  3.00 කිලෝ එකක් සදහා

02.සිමෙන්ති බෑග් ආනයනය සදහා  සෙස් බද්ද      රු.  5.00   කිලෝ එකක් සදහා

Screenshot 20200605 112203

2017 වසර සිට 2020/06/02 දක්වා සිමෙන්ති සදහා ගෙවිය යුතු සෙස්බදද මෙසේය

01.සිමෙන්ති කුඩු ආනයනය සදහා සෙස් බද්ද     8%  කිලෝ 50 සිමෙන්ති බෑග් එකක් සදහා රුපියල් 47.00 පමණ වේ.(මෙම මිල සාදාගනු ලබන්නේ CIF මිල සමග ඩොරලයේ හුවමාරු අගය ගලපාගෙනය)

02.සිමෙන්ති බෑග් ආනයනය සදහා  සෙස් බද්ද    රුපියල් 70.00 පමණ   කිලෝ 50 බෑග් එකක් සදහා 2020/06/03 වනදා අනුව සිමෙන්ති සදහා සංශෝධනය වූ සෙස් බද්ද මෙසේය

01.සිමෙන්ති කුඩු ආනයනය සදහා සෙස් බද්ද    කිලෝ එකකට රුපියල් 3.00 කි  කිලෝ 50 සිමෙන්ති බෑග් එකක් සදහා රැපියල් 150.00 කි 

02.සිමෙන්ති බෑග් ආනයනය සදහා  සෙස් බද්ද   කිලෝ එකකට  රුපියල් 5.00 කි. කිලෝ 50 බෑග් එකක් සදහා රුපියල් 250.00 කි.මේ අනුව සිමෙන්ති කිලෝ 50 කොට්ටයක් සදහා වැඩි වන සෙස් බද්ද මෙසේය

01.සිමෙන්ති කුඩු ආනයනය කර අසුරන ලද  කිලෝ 50 ක කොට්ටයක් සදහා  නව සෙස්බද්ද රුපියල් 150.00 යි අඩුකලා කළින් පැවැති සෙස්බද්ද රුපියල් 47.00 නව සෙස්බද්දේ වෙනස රුපියල් 103.0002.ආනයනය කරන ලද කිලෝ 50 ක කොට්ටයක් සදහා  නව සෙස්බද්ද රුපියල් 250.00 යි අඩුකලා කළින් පැවැති සෙස්බද්ද රැපියල් 70.00 නව සෙස්බද්දේ වෙනස රුපියල් 170.00

දළ වශයෙන් සිමෙන්ති කොට්ටයක් රුපියල් 150.00 ක් වැනි මිලකින් ඉහළ යාමට නියමිත වන අතර මෙරටට  සිමෙන්ති අසුරා ආනයනය කිරීම නවතා දමා ඇති නිසාත් සිමෙන්ති කුඩු ආනයනය කිරීම හා සිමෙන්ති අසුරා ආනයනය කිරීම අතර රුපියල් 75.00 පමණ වෙනසක් තිබෙන නිසා එම කර්මාන්තය බිද වැටීමක් සිදුවේ.

ඒ අනුව මෙරට සිමෙන්ති ඒකධිකාරයක් ඇති වීම වැලැක්විය නොහැකි නිසා තවත් මාස 06 යද්දී සිමෙන්ති මිල වැඩි වීම නැවැත්විය නොහැකි වනු ඇත.

අප රටට සිමෙන්ති කුඩු ආනයනය කලද ඒ සමගම සමහර සමාගම් සිමෙන්ති කවරද ආනයනය කරනු ලබයි. මෙහිදී කරනු ලබන්නේ ඇසුරුම් කිරීම පමණි. ප්‍රමිති ආයතනයේ දත්ත වලට අනුව ඇසුරුම් කර මෙරටට ආනයනය කරනු ලබන සිමෙන්තිවල ප්‍රමිතිය ඉහලය.

මහාපරිමාණ සිමෙන්ති කුඩු මෙරටට ආනයනය කරනු ලබන කිහිපදෙනෙකුගේ සිත පිනවීම සදහා කටයුතු කිරීම නිසා ඉදිරියේදී සිමෙන්ති මිල ඉහළයාම නැවැත්විය නොහැක.

කෙසේ වෙතත් සිමෙන්ති මිල වැඩි කිරීම සදහා පාරිභෝගික කටයුතු අධිකාරියේ අනුමැතිය ලබා ගැනීම අනිවාර්යය වේ.

ciment 1000px

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න