අපේ එවුන්ට එක නීතියක්: ඇමරිකන්කාරයට එක නීතියක් - මේ ආණ්ඩුවට කොන්දක් නෑ !

අපේ එවුන්ට එක නීතියක්: ඇමරිකන්කාරයට එක නීතියක් - මේ ආණ්ඩුවට කොන්දක් නෑ !

විදෙස් රටවලට සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට පැමිණීමේදී ඔවුන් PCR පරීක්ෂණවලට භාජනය කර දින 21 ක නිරෝධායනයට යොමු කරන ආණ්ඩුව ඇමරිකන් ජාතිකයන්ට වෙනම නීතියක් අනුගමනය කරන බව හිටපු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා පවසයි.

ඇමරිකන් ජාතිකයන් කිසිදු පරීක්ෂාවකින් තොරව රටට ඇතුළුවීම සඳහා අවස්ථාව ලබා දුන්නේ කෙසේදැයි මර්වින් සිල්වා මහතා ආණ්ඩුවෙන් විමසයි.

මෙරට ඇමරිකානු තානාපති කාර්යාලයේ නිළධාරියා PCR පරීක්ෂණයට භාජනය නොවී රටට ඇතුළුවීමෙන් වත්මන් ආණ්ඩුව ඇමරිකාවට බය වී තිබෙන බවත් එසේ නැතහොත් ඇමරිකාව සමග රහස් ගිවිසුමකට එළඹ ඇති බවට සැකයක් ඇතිවන බවත් ඔහු පවසා සිටී.

මෙවැනි දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන ආණ්ඩුවට එරෙහිව සියලු ශ්‍රී ලාංකිකයන් පෙරමුණ ගතයුතු බවත්, ආණ්ඩුවේ මෙවැනි ක්‍රියාවලට එරෙහිව විරෝධය පළකිරීම සඳහා එකතු වන ලෙස සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් මර්වින් සිල්වා මහතා අවධාරණය කරයි.

LNW

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න