කොළඹ -කළුතර -කුරුණෑගල ඇතුළු දිස්ත්‍රීක්ක 05 ක ඡන්ද පත්‍රිකා මුද්‍රණය අත්හිටුවයි !

කොළඹ -කළුතර -කුරුණෑගල ඇතුළු දිස්ත්‍රීක්ක 05 ක ඡන්ද පත්‍රිකා මුද්‍රණය අත්හිටුවයි !

කොළඹ, කළුතර, කුරුණෑගල, මොනරාගල හා ත්‍රීකුණාමලය යන දිස්ත්‍රීක්ක පහේ ඡන්ද පත්‍රීකා මුද්‍රණ කටයුතු  මේවනවිට අත්හිටුවා ඇතැයි රජයේ මුද්‍රණාලයේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

මෙම දිස්ත්‍රීක්ක පහේ නාමයෝජනා සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩු කිහිපයක් විභාගවෙමින් පැවතීම මත මෙවැනි තීරණය ගෙන ඇත. 

මැතිවරණ නාමයෝජනා සම්බන්ධයෙන් අධිකරණ කටයුතු පැවතිය ද ඡන්ද පත්‍රීකා මුද්‍රණය අත්හිටුවන්නැයි අධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර නොමැත්තේ නම් ඡන්ද පත්‍රීකා මුද්‍රණ කටයුතු අඛණ්ඩව සිදුකිරීම මෙතෙක් පැවති සම්ප්‍රදායයි. මෙතෙක් එවැනි අතුරු තහනම් නියෝගයක් අධිකරණ විසින් නිකුත්කර නොමැත. 

ප්‍රධාන මැතිවරණයක දී කොළඹ, කුරුණෑගල, කළුතර වැඩිම ඡන්ද පත්‍රීකා මුද්‍රණය කරන දිස්ත්‍රීක්ක වේ. එම තත්වය යටතේ එම දිස්ත්‍රීක්කවල ඡන්ද පත්‍රීකා මුද්‍රණය අත්හිටුවීම හේතුවෙන් ඡන්ද පත්‍රීකා මුද්‍රණය පමාවීමේ අවදානමක් මතුව තිබේ.

මෙම මහ මැතිවරණයට අදාලව ඡන්ද පත්‍රීකා මුද්‍රණය සම්බන්ධයෙන් මුලසිටම අදාල බලධාරීන් ක්‍රියාකළේ ඇල්මැරුණ ස්වභාවයකින් බව රජයේ මුද්‍රණාලයේ වෘත්තීය සමිති නායකයකු  වෙත පැවසිය.

මේ වන විට දිස්ත්‍රීක්ක 6 ක ඡන්ද පත්‍රීකා මුද්‍රණයේ :

කෙසේවුවද ඔහු තවදුරටත් පැවසුයේ, මහ මැතිවරණය වෙනුවෙන් ඡන්ද පත්‍රීකා මුද්‍රණය කිරීම මේවනවිටත් සිදුවන බවයි. 

ජනාධිපතිවරණයක දී මෙන් නොව මහමැතිවරණයකදී  දිස්ත්‍රීක්කයෙන් දිස්ත්‍රීක්කයට වෙන් වෙන්ව ඡන්ද පත්‍රීකා  මුද්‍රණය කළ යුතු වේ. ඒ ඒ දිස්ත්‍රීක්කයට තරග කරන දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් හා අපේක්ෂකයන් වෙනස් වීම ඊට හේතුවයි.

මේ වන විට දිස්ත්‍රීක්ක 6 ක ඡන්ද පත්‍රීකා මුද්‍රණය කරමින් තිබෙන අතර ඒ අතරින් එක් දිස්ත්‍රීක්කයක ඡන්ද පත්‍රීකා  මුද්‍රණය හෙට (08) දිනය තුළ අවසන් කිරීමට හැකිවනු ඇතැයි රජයේ මුද්‍රණාලය විශ්වාසය පළ කරයි.

සාමාන්‍යයෙන් මහමැතිවරණයකදී ඡන්ද පත්‍රීකා සම්පූර්ණයෙන් මුද්‍රණය කර අවසන් කිරීමට ගතවන කාලය දින 15ත් 20 අතර බවත්, මුද්‍රණය අවසන් කරන පරිදි ඡන්ද පත්‍රීකා මැතිවරණ කොමිසම වෙත භාර දෙන බවත් අප වෙත තොරතුරු ලබාදුන් වෘත්තීය සමිති නායකයා වැඩිදුරටත් කියා සිටියේය.

theleader.lk

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න