ද ෆිනෑන්ස් සමාගමේ තැන්පත්කරුවන්ට රක්ෂණ වන්දි ගෙවීම අද ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
රක්ෂණය වී ඇති සියලුම තැන්පත්කරුවන්ට රුපියල් ලක්ෂ 600,000/- ක උපරිමයක් දක්වා වන්දි ගෙවන බව මහ බැංකුව සඳහන් කළේය.
නොගෙවු තැන්පතු ශේෂයක් ඇත්නම් ද ෆිනෑන්ස් ආයතනයේ වත්කම් ඈවර කිරීමෙන් පසු එම මුදල් ලබාදෙන බව මහ බැංකුව නිවේදනය කර ඇත.
එම රක්ෂණ වන්දි ගෙවීම් ද ෆිනෑන්ස් ආයතනයේ ශාඛා පැවති ප්‍රදේශයන්හි පිහිටා ඇති මහජන බැංකු ශාඛා මගින් සිදු කිරීමට නියමිතය.
ඒ අනුව ද ෆිනෑන්ස් ශාඛා පිහිටුවා තිබූ නගරවල ආසන්නතම මහජන බැංකු ශාඛා මගින් පළමු අදියරේ ගෙවීම් කටයුතු එක් ගිණුමක් පමණක් හිමි තනි පුද්ගල තැන්පත්කරුවන් සඳහා අද වන්දි මුදල් ගෙවීම ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබේ.
2020 මැයි මස 22 වැනි දා සිට බලපැවැත්වෙන පරිදි මුල්‍ය ව්‍යාපාර සඳහා ද ෆිනෑන්ස් ආයතනයට ලබාදී තිබු බලපත්‍රය අහෝසි කෙරුණි.
මේ සම්බන්ධයෙන් පසුගිය 05 වැනි දා රජයේ ප්‍රවෘත්තී දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහත පරිදී වේ.


