මහ ජන්දය අගෝස්තු 05 : ගැසට් නිවේදනයත් මුද්‍රණයේ !

මහ ජන්දය අගෝස්තු 05 : ගැසට් නිවේදනයත් මුද්‍රණයේ !

මහ මැතිවරණය එළඹෙන අගෝස්තු 05 වන දා පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කර ඇත.

ඒ අද (10) මැතිවරණ කොමිෂන් සභාවේ පැවති මාධ්‍ය හමුවක දීය.

ජූනි මස 20 වන දින පැවැත්වීමට නියමිතව තිබු මහ මැතිවරණය, 2020 අගෝස්තු මස 5 වන දින පැවැත්වීමට සුදුසු බවට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති  මහින්ද දේශප්‍රිය, සාමාජික ජනාධිපති නීතිඥ නලීන් අබේසේකර හා සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් යන අය විසින් ඒකමතිකව තීරණය කළ බවද ඔහු මාධ්‍ය වෙත  පැවසීය.

ඒ සඳහා වු ගැසට් නිවේදනය කොමිෂන් සභාවේ සාමාජිකයින් විසින් අත්සන් තබා රජයේ මුද්‍රණාධිපතිවරයා වෙත යැවු බවද මහින්ද දේශප්‍රිය  හෙළි කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න