මෙවර මහ මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම ජුලි මස 13, 14, 15 සහ16 යන දිනවල පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව පසුගියදා රැස් වූ අවස්ථාවේදී සාකච්ඡා වී තිබේ.
එම දින පිළිබඳව නිශ්චිත තීරණයකට පැමිණීමෙන් අනතුරුව ඊට අදාල ගැසට් නිවේදනය ඉදිරි දිනකදී නිකුත් කිරීමට නියමිතයි.
මෙවර මහමැතිවරණයේ තැපැල් ඡන්ද විමසීමේ දින පිළිබඳව මැතිවරණ කොමිසම මෙතෙක් නිශ්චිත සඳහනක් සිදුකර නොමැති අතර මැතිවරණ කොමිසම අද පැවති සාකච්ඡාවකදී ජුලි මස 13,14,15 සහ16 යන දිනවලදී තැපැල් ඡන්ද විමසීම පැවැත්වීමට සාකච්ඡා කර තිබේ.
පෙරහුරු ජන්ද 16 ක් !
මේ අතර දිවයින පුරා පෙරහුරු ඡන්ද විමසීම් තවත් 16 ක් ලබන 14 වැනිදා සිට 20 වැනිදා දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි මැතිවරණ කොමිසම පවසයි.

