හාරිස්පත්තුව පොහොට්ටු සභාපති : විදුහල්පතිවරයෙකුට පහරදීලා !

හාරිස්පත්තුව පොහොට්ටු සභාපති : විදුහල්පතිවරයෙකුට පහරදීලා !

මහනුවර ලූම්බිණි රාජකීය විදුහලේ විදුහල්පතිවරයාට හාරිස්පත්තුව ප‍්‍රාදේශීය සභා සභාපති විසින් පහරදී ඇති බව ලංකා ගුරු සංයමය චෝදනා කරයි.

 විශේෂ නිවේදනයක් නිකුත්කරමින් ලංකා ගුරු සංගමය මේ බව සඳහන් කරන අතර එම සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.

2020.06.11 දින මහනුවර ලූම්බිණි රාජකීය විදුහලේ විදුහල්පති ඩබ්.එම්. ජයන්ත බණ්ඩාර මහතා තම ප‍්‍රදේශයේ මාර්ග අවහිරතාවයක් සම්බන්ධයෙන් කරුණු දැක්වීමට හාරිස්පත්තුව ප‍්‍රාදේශීය සභාවට ගොස් ඇත. එහිදී ප‍්‍රාදේශීය සභාවේ සභාපති ඩබ්.ඒ. ආනන්ද ජයවිලාල් විසින් ඔහුට පහර දී ඇත. හාරිස්පත්තුව ප‍්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණ නියෝජනය කරන මෙම සභාපතිවරයා විසින් ලූම්බිණි රාජකීය විදුහලේ විදුහල්පතිවරයාට කරන ලද මෙම පහරදීම ලංකා ගුරු සංගමය විසින් දැඩි පිළිකුලෙන් හෙළා දකිමු.

මේ සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසියට සීඅයිබී 200/189 අංකයෙන් 2020.06.11 දින පැමිණිලි කර ඇති අතර පහරකෑමට ලක්වූ විදුහල්පතිවරයා මහනුවර මහ රෝහලේ 10 වාට්ටුවේ ප‍්‍රතිකාර ලබයි. ප‍්‍රදේශයේ පවතින ගැටලූවක් සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ගිය විදුහල්පතිවරයාට මෙසේ පහරදීමෙන් පැහැදිලි වන්නේ මෙම ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ජනතා ගැටලූවලට පිළිතුරු සපයන්නේ තම දේශපාලන බලයෙන් හා මැර බලයෙන් බවයි.

මෙම පහරදීම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන ලෙස ලංකා ගුරු සංගමය පොලිස්පතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.

මෙයට,

ජෝසප් ස්ටාලින්
ප‍්‍රධාන ලේකම්

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න