ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 53 දෙනෙකු අද17 දින අලුයම , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ .
මෙම ගුවන් මගීන් පිරිස ඉන්දියාවේ චෙන්නායි සිට අද 17 දින අලුයම 4.30 ට කටුනායක ගුවන් තොටුපළ වෙත , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.- 1026 දරන විශේෂ ගුවන් යානයෙන් පැමිණ තිබේ .
වැඩිහිටි ගුවන් මගීන් 51 දෙනෙකු සහ කුඩා ළමුන් 02 දෙනෙකුගෙන් සමන්විත මෙම ගුවන් මගීන් පිරිස , කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව , කොරෝනා වසංගත රෝග තත්වය අනාවරණය කර ගැනීම සදහා පී.සී.ආර්. පරීක්ෂණවලට ද භාජනය කර ඇත.
එම පරීක්ෂණවල ප්‍රතිඵල ලැබෙන තෙක් , මෙම ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළ අවට හෝටල් කීපයක තාවකාලිකව නවාතැන් ගැනීමට පහසුකම් සළසා දී ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
