සර්ගේ ගෝරනාඩුවට පස්සේ මහ බැංකුවේ වෙනස මෙන්න !

සර්ගේ ගෝරනාඩුවට පස්සේ මහ බැංකුවේ වෙනස මෙන්න !

ආර්ථිකයට මුදල් ගලා යෑම පහසු කිරීම සඳහා දේශීය මුදල් වෙළෙඳපොළ ද්‍රවශීලතාව රුපියල් බිලියන 115 කින් නංවමින් ශ්‍රී ලංකා මහ බැංකුව ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පහළ දමා තිබේ.

පසුගිය ආණ්ඩු සමයේ මහ බැංකු හොරකමකට සහයෝගය ලබා දුන් බවට චෝදනා කරමින් ජනාධිපතිවරයා ඊයේ (ජුනි 16) මහ බැංකුවට එල්ල කරන ලද දැඩි වාග් ප්‍රහාරයෙන් පසු වහාම ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය මෙම පියවර ගෙන ඇත.

ජනාධිපතිවරයා ඊයේ මහ බැංකු ප්‍රධානීන්ට දැනුම් දී සිටියේ, රටේ ආර්ථිකය ගොඩ නැගීම වෙනුවෙන් ජනාධිපතිවරයා ලෙස තමන් කරන යෝජනාව සම්මත නොකරන්නේ නම් බැංකු ප්‍රධානීන්ගේ සැලසුම් “හෙට උදෑසන වන විට” තමන් වෙත ලබා දෙන ලෙසයි.

ඒ අනුව බලපත්‍රලාභී වානිජ බැංකුවල රුපියල් තැන්පතු සඳහා ව්‍යාවස්ථාපිත සංචිත අනුපාතය ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි 2 % කින් පහළ දැමීමට මහ බැංකුව තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මෙම තීරණයත් සමග ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2020 වසරේ මේ දක්වා කාලය තුළ 3% කින් පහළ දමා ඇත.

මෙය අඩු පිරිවැයක් යටතේ ව්‍යාපාරවලට ණය ගලා යාම ඉහළ නංවනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ය.

නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව පැවසුවේ, ආර්ථික හා මූල්‍ය වෙළෙඳපොළ තත්ත්වයන් පිළිබඳව මුදල් මණ්ඩලය අඛණ්ඩව නිරීක්ෂණය කර තවදුරටත් ප්‍රතිපත්තිමය හා නියාමන ක්‍රියාමාර්ග ගන්නා බවය.

ජනාධිපතිගේ කතාව ගැන මංගල කියන කතාව :

මහ බැංකුවේ “හොරකම්” සදහා ලබාදුන් සහාය තමන් ඉල්ලන “සාධාරණ දෙයක්” වෙනුවෙන් සිදු කළ නොහැක්කේ මන්දැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහ බැංකු ප්‍රධානීන් සමග ජුනි 16 අඟහරුවාදා  පැවැති සාකච්ඡාවකදී දැඩි ස්වරයෙන් විමසා සිටියේ ආර්ථිකය යහපත් අතට හැරවීමට නොහැකිව තමන් අපහසුතාවයකට පත්ව සිටින බව පවසමිනි.

ජනාධිපතිවරයා ඊයේ සිදුකළ සමස්ත ප්‍රකාශය සම්බන්ධයෙන් 'ට්විටර්' පණිවිඩයක් නිකුත්කර ඇති හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මෙසේ සඳහන් කර තිබේ.

''ආවේගශීලි ජනාධිපතිතුමන් විසින් ආර්ථික අර්බුදයට චෝදනා කර සිටින්නේ ශ්‍රී ලංකා මහ බැංකුවට  සහ කොරෝනා වෛරසයටය. මෙම අර්බුදයට හේතු වන්නේ පසුගිය මාස 07 තුළ නිසි රාජ්‍ය මූල්‍ය විනයක් හා ආර්ථික කළමනාකරණක් නොමැති වීම මෙන්ම  2019 දෙසැම්බරයේ ක්‍රියාත්මකවූ  සැලසුම් නොකළ බදු කප්පාදුව මිස කොරෝනා වෛරසය නොවේ.''

MS twite

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න