මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ඇරඹේ : මාතර රෙහාන්ගේ ප්‍රචාරක පුවරුව වනසයි !

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ඇරඹේ : මාතර රෙහාන්ගේ ප්‍රචාරක පුවරුව වනසයි !
එළැඹෙන මහ මැතිවරණයට අදාළ මාතර දිස්ත්‍රික්කයේ පළමු  මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාව  සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක රෙහාන් ජයවික්‍රමට එරෙහිව දියත්ව ඇත.
 
මෙය  ඊයේ (16) සිදුව ඇති අතර ඒ ඔහුගේ වැලිගම පොල්වත්ත ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ කාර්‍යාලයේ ඉදිරිපස සකස් කර තිබූ ප්‍රචාරක පුවරුව ට ඊයේ රාත්‍රි කිසියම් පිරිසක් විසින් හානි කරමිනි.
 
එහිදී කලුතෙල් වැනි ද්‍රව්‍යයක් ප්‍රචාරක පුවරුවට විසිකොට යම්කිසි ක්‍රමයකින් එහි අපේක්ෂකයකයාගේ මුහුනේ කොටසටද හානි කර ඇත . 
 
මේ පිළිබඳව රෙහාන් ජයවික්‍රම විසින් වැලිගම  පොලිසිය ට ද  පැමිනිල්ලක් සිදුකර ඇත. ඒ අනුව මෙය  මෙවර මහ මැතිවරණයට අදාළ මාතර දිස්ත්‍රික්කයේ පළමු පැමිණිල්ල ද  වෙයි.
 
සිදුවීම සම්බන්ධව අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ 
මෙබඳු  මැර ක්‍රියා ඉදිරියට ද සමගි ජන බලවේගයට වැඩි විය හැකි බැවින් මේ පිළිබඳව ජනාධිපති සහ අගමැති අවධානය යොමු කර සමගි ජන බලවේගයේ අපේක්ෂකයන් ගේ ආරක්ෂාව තහවුරු කළ යුතුව ඇති බවය.
 
රෙහාන් ජයවික්‍රම වැලිගම නගර සභාවේ සභාපති ලෙස කටයුතු කරන  අතර තුර මෙවර මහ මැතිවරණය වෙනුවෙන් සමගි ජනබලවේගය හරහා නාමයෝජනා ලැබීය. එසේම ඔහු සමගි ජනබලවේගය හී වැලිගම ආසන සංවිධායකද වෙයි.
IMG 20200617 WA0004

IMG 20200617 WA0005

IMG 20200617 WA0006

 
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න