කරුණාගේ ප්‍රකාශය ගැන CID විමර්ශනයකට නියෝගයක් !

කරුණාගේ ප්‍රකාශය ගැන CID විමර්ශනයකට නියෝගයක් !

විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් සිදුකළ  ප්‍රකාශයක් පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කර තිබේ.

මේ බව අද (22) පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් නිවේදනය කරනු ලැබිණ.

ඒ අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ තමා එල්.ටී.ටී.ඊ සංවිධානයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන කාලයේ දී ඔහු විසින් සිදු කළ බව පැවසෙන අපරාධ පිළිබඳව කරුණාඅම්මාන් විසින් පසුගිය දිනක සිදු කරන ලද ප්‍රකාශක් සම්බන්ධයෙන් එම පරීක්ෂණය වහාම සිදු කරන ලෙස දැනුම් දී ඇති බවය.

 හමුදා සාමාජිකයන් 2000ක් එක රැයින් ඝාතනය කළ බවට විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධව පසුගිය සමයේ දේශපාලන ක්ෂේත්‍රයේ මෙන්ම සමාජ මාධ්‍ය ජාල තුළ දැඩි විරෝධයක් එල්ලවිය.

සමාජ මාධ්‍ය තුළ මේ බව ප්‍රශ්න කෙරුණේ රණවිරුවන් ගැන පවසමින් බලය ලැබූ ආණ්ඩුව අදාළ ප්‍රකාශය සම්බන්ධව ක්‍රියාමාර්ගයක් නොගැනීම ගැනය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න