ෆේස්බුක් සටහනක් නිසා දකුණු පළාත් පළාත් පාලන කොමසාරිස්ට බාල්දියක් : කීර්ති මැකෝගේ එල්ලෙයි !

ෆේස්බුක් සටහනක් නිසා දකුණු පළාත් පළාත් පාලන කොමසාරිස්ට බාල්දියක් : කීර්ති මැකෝගේ එල්ලෙයි !

මැතිවරණ කොමිසන් සභාවේ තීරණයක් වැරදි බව දක්වමින් පළ වූ ෆේස් බුක් සටහනකට ප්‍රතිචාර දැක්වීම සම්බන්ධව දකුණු පළාත්, පළාත් පාලන කොමසාරිස් සේනක පල්ලියගුරුට විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් වෙත දැනුම් දී තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව වෙනුවෙන් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක විසින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් මාර්ගයෙන් මේ බව දන්වා ඇත.

එහි දැකවෙන පරිදි මෙම කර්තවය මැතිවරණයක් පැවැත් වීමේ ක්‍රියාවලියට කරනු ලබන බාධාවක් හා අවහිරයක් ලෙස මැතිවරණ කොමිෂන් සභාව සැලකිල්ලට ගෙන ඇතැයි ද දක්වා තිබේ.

එමෙන්ම මෙවැනි ක්‍රියා අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ට වැරදි පූර්වාදර්ශයක් සැපයීමක් මෙන්ම රාජ්‍ය පාලනයට අහිතකර තත්ත්වයක් බවද පෙන්වා දී ඇති මැතිවරණ කොමසාරිස් ජනරාල්  සමන් ශ්‍රී රත්නායක, මේ සම්බන්ධයෙන් දකුණු පළාත්, පළාත් පාලන කොමසාරිස්වරයාගෙන් කරුණු විමසීමක් සිදු කිරීම සුදුසු බවත් ඒ පිළිබඳව කොමිෂන් සභාව දැනුවත් කරන ලෙස ද සඳහන් කර ඇත.

මේ සිදුවීමට පාදකවී ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාව දිගින් දිගටම පළාත් පාලන කොමසාරිස්වරුන් වෙත බලපෑම් කිරීම පිළිබඳ කඩුවෙල හිටපු නාගරිසක කොමසාරිස් ගාමිණි ගුණසේකර සිය ෆෙස් බුක් ගිණුමේ සටහනක්ය. දකුණු පළාත්, පළාත් පාලන කොමසාරිස්වරයා විසින් සිදුකර ඇත්තේ ඉහත සටහනට තම පෞද්ගලික අදහස් එකතු කිරීමය.

කඩුවෙල හිටපු නාගරික කොමසාරිස් තැබූ ෆේස්බුක් සටහන පහත දැක්වෙයි.

Captureggu

මේ අතර දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් ද මේ සම්බන්ධව නිවේදනයක් නිකුත්කර ඇති අතර එය පහත දැක්වෙයි.

ෆෙස් බුක් වාරණය මැ.කො. වැරදි වසාගැනීමටයි  - රජිත් කීර්ති තෙන්නකෝන්

මැතිවරණ කොමිසන් සභාවේ තීරණයක් වැරදි බව දක්වමින් පළ වූ ෆෙස් බුක් සටහනකට ප්‍රතිචාර දැක්වූ (කමෙන්ට් දැමු) රාජ්‍ය නිලධාරියෙකු සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් වෙත දැනුම් දී තිබේ.

පලාත් පලාත් පාලන කොමසාරිස්වරුන් වෙත මැතිවරණ කොමිෂන් සභාව විසින් ලබාදුන් නීත්‍යානුකුල නොවන උපදෙස්/නියෝග පිළිපැදීම ලංකාවේ සියළු පාලත් පාලන කොමසාරිස්වරුන් විසින් නොතකා හරිනු ලැබීය.  මේ පිළිබද මැතිවරණ කොමිෂන් සභාව දිගින් දිගටම පලාත් පාලන කොමසාරිස්වරුන් වෙත බලපෑම් කිරීම පිළිබඳ අඳාල විෂය සම්බන්ධ ප්‍රවීණයෙකු වන කඩුවෙල හිටපු නාගරිසක කොමසාරිස් ගාමිණි ගුණසේකර සිය ෆෙස් බුක් ගිණුමේ සටහනක් මගින් ප්‍රශ්ණ කර තිබුණි. එයට සිය අදහස සටහන් තැබූ දකුණු පලාත් පාලත් පාලන කොමසාරිස් සේනක පල්ලියගුරුගේ පිළිබද විනය ක්‍රියා මාර්ග ගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත දැනුම් දී ඇත.  

මැතිවරණ කොමිෂන් සභාව, ඕනෑම රාජ්‍ය සේවකයෙකු වෙත ලබා දෙන නීත්‍යානුකූල නොවන නියෝග/උපදෙස් ක්‍රියාත්මක නොකර සිටීමට කණිෂ්ඨ නිලධාරීන්ට අයිතියක් ඇත. මන්ද, බාහිර බලපෑමක් නිදහසට කරුණක් ලෙස ඉදිරිපත් කිරීමට කිසිදු රාජ්‍ය නිලධාරියෙකුට හැකියාවක් නොමැති බැවිනි.

මහා මැතිවරණයට ඉදිරිපත්වන පළාත් පාලන ආයතනවල තෝරාගත් සභිකයින් පිරිසකට පමණක් නිවාඩු ලබා ගැනීම, දිමනා ලබා නොදීම වැනි නියෝග ගණනාවක් ම.කො. විසින් නිකුත් කර ඇත.  මේ අතරම, තවත් පලාත් පාලන සභිකයින් පිරිසක් සම්බන්ධයෙන් මැ.කො. කිසිදු නීත්‍යානුකුල පියවරක් හෝ අවම වශයෙන් විධිමත් දැනුම්දීමක් හෝ සිදු කර නැත.   

අදහස් ප්‍රකාශ කිරීම හා සන්නිවේදනය සදහා සමාජ ජාලා භාවිත කිරීමේ දී සාපේක්ෂව ඉතා ධනාත්මක ප්‍රවේෂයකින් මැතිවරණ කොමිසම කටයුතු කරයි.  කොමිසන් සමාජිකයින් හා නිලධාරීන්ගේ සටහන්, කමෙන්ට් හා ප්‍රතිචාර ඉතා ජනප්‍රිය ය.  නමුත්, තමන්ට සිදු වූ වරදක් පෙන්වා දුන් විට, විනය ක්‍රියා මාර්ග ගැනීමට තරම් බොළඳවීම නම් ලැජ්ජාවට කරුණකි.  සුළු විවේචනයක් හෝ දරා ගැනීමට මැ.කො. ට ශක්තියක් නොමැති බව විනය ක්‍රියාමාර්ග යෝජනා කිරීමෙන් පෙනී යයි. මැතිවරණ ක්‍රියාවලියේ ගැටළු, දුබලතා පිළිබඳ අදහස් දැක්වීමට සෑම පුරවැසියෙකුටම අයිතියක් තිබේ.  විනය ක්‍රියාමාර්ග හරහා මැ.කො. කටයුතු සාකච්ඡා කිරීම වැලැක්වීම සදහා විනය පරීක්ෂණ කරළියට ගෙන ඇති බව පැහැදිලිය.  අදහස් කිරීමට ඇති අයිතිය, ආයතන සංග්‍රහයේ විධි විධාන මගින් සීමා නොවන බව මෙයට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ද තීරණය කර ඇත. මැතිවරණ කොමිෂන් සභාව හැර ලෝකයේ ඇති සියළු දේ විවේචනය කිරීමෙන් පමණක් ‘ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය!‘ හිමිවන්නේ නැති බව පුරවැසියන් අවබෝධ කොට ගත යුතුව ඇත.  

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න