ජනාධිපති කොමිසම නීතියට පටහැනියි : නීතිපති පෙන්වා දෙයි !

ජනාධිපති කොමිසම නීතියට පටහැනියි : නීතිපති පෙන්වා දෙයි !

වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමත් සමග ජනාධිපතිවරයා විසින් නම් කරන ලද දේශපාලන පළිගැනීම් පිළිබඳව ජනාධිපති කොමිසමපවතින නීතිමය තත්වයට පටහැනිව පිහිටුවා ඇති කොමිසමක් බැවින් ඒ සඳහා සිය නිලධාරීන් සහභාගිකරවිය නොහැකි බව නීතිපතිවරයා එම කොමිසම වෙත දැනුම් දී ඇත.

ඒ අනුව, ඇවන්ගාඩ් සිද්ධියට අදාළව රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතිඥ ජනක බණ්ඩාරට දේශපාලන පළිගැනීම් විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව කළ කැඳවීම සම්බන්ධයෙන් නීතිපති දප්පුල ද ලිවේරා විරුද්ධත්වය පළ කර තිබේ.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරී රජයේ නීතිඥ නිශාරා ජයරත්න පැවසුවේ මේ සම්බන්ධව නීතිපතිවරයාගේ ස්ථාවරය කොමිසමට ලිඛිතව දන්වා ඇති බවය.

කොමිසන් සභා පනතේ 16 වැනි වගන්තිය අනුව එවැනි කැඳවීමක් සඳහා කොමිසමට බලයක් නැතැයි ද නීතිපතිවරයා දැනුම් දී තිබේ.

ඉදිරියේදී බරපතල නීතිමය ගැටළුවක්!

ජාතික ජන බලවේගය ඊයේ (22) පැවැත්වූ මාධ්‍ය හමුවකදී ජවිපෙ නායක අනුර දිසානායක සඳහන් කර සිටියේ, “දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවට නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද වගඋත්තරකරුවන් ලෙස කැඳවනු ලැබ තිබෙනවා. ඇවන්ට්ගාඩ් පිළිබඳ මහාධිකරණයේ විභාග වන නඩුවේදී නීතිපතිවරයා හා රජයේ නීතීඥයින් පෙනී සිටින්නේ පැමිණිලි පාර්ශ්වය ලෙසයි. එහෙත් මෙම ජනාධිපති කොමිසමේදී ඔවුන් සියලු දෙනා විත්තිකරුවන් බවට පත් වෙනවා. මොකද එහි පැමිණිලිකරු වන්නේ ඇවන්ගාඩ් ආයතනය වන නිසයි. ජනතාවට මෙහි පවතින තත්වය දැනගැනීමට මෙම කරුණම ප්‍රමාණවත්.” යනුවෙනි.

මේ අනුව පෙනී යන්නේ මෙම ජනාධිපති විමර්ශන කොමිසම සම්බන්ධයෙන් ඉදිරියේදී බරපතල නීතිමය ගැටළුවක් මතුවන බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න