ජඩමාධ්‍ය බොරු දාලා : රිෂාඩ්ගේ සොහොයුරා සත්‍ය අනාවරණයට අවස්ථාව ඉල්ලයි !

 ජඩමාධ්‍ය බොරු දාලා : රිෂාඩ්ගේ සොහොයුරා සත්‍ය අනාවරණයට අවස්ථාව ඉල්ලයි !
සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත්කර තිබියදී හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ගේ සහෝදරයෙකු වන රිෆ්කාන් බදියුදීන් විසින් බෝට්ටුවකින්  ඉන්දියාව වෙත පලායන්නට පපහසුකම් සැලසූ බවට දෙරණ නාලිකාව ඇතුළු මාධ්‍ය වල පළකළ පුවත සාවද්‍ය බවට පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමට ලිඛිත දැනුම්දීමක් සිදුකර ඇත.
 
උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී රිෆ්කාන් බදියුදීන් විසින් මේ ලිඛිත දැනුම්දීම සිදුකර ඇති අතර සත්‍ය තතු පැවසීම වෙනුවෙන් අවස්ථාවක් ද ඉල්ලා ඇත.
 
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයකු විසින් පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමට මෙය අනාවරණය කළ බව සඳහන් කරමින් අදාළ පුවත වාර්තා කර  තිබූ අතර මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත්තේ  රියාජ් බදියුදීන් බවත් ඒ අනුව අදාළ පුවත මුළුමනින්ම අසත්‍ය බවත් එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.
 
හිටපු පළාත් සභා මන්ත්‍රී රිෆ්කාන් බදියුදීන් විසින් ජනාධිපති විමර්ශන කොමිසම වෙත යොමුකළ සම්පූර්ණ ලිපිය පහත දැක්වෙයි.
 
අද දෙරණ නාලිකාවේ සහ වෙනත් මාධ්‍ය නාලිකාවල පළ කරන ලද ප්‍රවෘත්ති සම්බන්ධයෙනි !
 
 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බතියුදීන්ගේ සහෝදරයෙකු වන රිෆ්කාන් බතියුදීන් විසින් පාස්කු ඉරිදා ප්‍රහාරයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ කණ්ඩායමට නායකත්වය දුන් සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීම සදහා අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කර සිටියදී 2018 වර්ෂයේදී බෝට්ටුවක් මගින් මෙරටින් ඉන්දියාවට පලා යාමට සහාය වූ බව අද උදෑසන 6.55 ට දෙරණ නාලිකාව ඔස්සේ විකාශය වූ "දෙරණ අරුණ" වැඩසටහනේදී ප්‍රකාශ කල බව පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමට දැනුම් දී සිටිමි.
 
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයකු විසින් පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමට මෙය අනාවරණය කළ බව තවදුරටත් ප්‍රකාශ විය.
 
එසේම මෙම පුවත තවත් මාධ්‍ය නාලිකා සහ වෙබ් අඩවි රැසක පුළුල් ලෙස ව්‍යාප්ත වී තිබේ.
 
පළමුව, මෙම පුවත මුළුමනින්ම අසත්‍ය පුවතක් බව ප්‍රකාශ කිරීමට මම කැමැත්තෙමි. මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින්නේ අපගේ බාල සොහොයුරු රියාජ් බතියුදීන් ය.
 
ඔහු හෝ මම පෞද්ගලිකව සහරාන් හෂීම්ව අවම වශයෙන් එක් වරක්වත් හමු වී නැති බවට මම සහතික කරමි. 1990 දී එල්ටීටීඊය විසින් බලහත්කාරයෙන් නෙරපා හරින ලද පවුලක් ලෙස අපි සෑම විටම ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා ක්‍රියා කර ඇත්තෙමු.
 
කීර්තිමත් මාධ්‍ය ආයතන මෙවැනි ව්‍යාජ ප්‍රවෘත්ති ප්‍රකාශයට පත් කිරීම පිළිගත් මාධ්‍ය ආචාර ධර්මවලට අතිශයින්ම පටහැනි වන අතර සත්‍ය ප්‍රවෘත්ති මහජනයාට දැනුම් දීමේ වගකීම මාධ්‍ය තුල තිබිය යුතුය. 
 
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වැරදිකරුවන් සහ ඊට තුඩු දුන් නිශ්චිත චේතනා හඳුනා ගැනීම සඳහා ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව විශාල සේවාවක් කරමින් සිටින බව සතුටින් සඳහන් කළ යුතුය.
 
කිසිදු පැහැදිලි සාක්ෂියක් නොමැතිව ප්‍රචාරය කරනු ලබන මෙවැනි ප්‍රවෘත්ති මගින් මහජනයා නිසැකවම නොමඟ යන අතර කොමිෂන් සභාව විසින් කෙරෙන අව්‍යාජ විමර්ශනවලටද බාධාවක් වනු ඇත.
 
මෙවැනි පසුබිමක් තුල, මේ සම්බන්ධයෙන්  ම  ළඟ ඇති සාක්ෂි ජනාධිපති කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා දුන් හොත් බෙහෙවින් කෘතඥ වෙමි.
 
මේ සම්බන්ධයෙන් ඔබ දක්වන කාරුණික අවධානය සහ ගනු ලබන ක්‍රියාමාර්ගය පිළිබඳව බෙහෙවින් කෘතඥ වෙමි.
 
 
රිෆ්කාන් බතියුදීන් 
හිටපු පළාත් සභා මන්ත්‍රී 
උතුරු පළාත් සභාව

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න